Posts

Showing posts with the label සිතිවිලි

ලෝගුව නොමැති උපාධිය

Image
රැයක් දවාලක් නැතුව රටේ ලෝකෙ වෙන දෙයක් දන්නෙ නැතුව පරිගණකයට මුවා වෙලා මගේ වගේ ම මාත් එක්ක වැඩ කරන හැමගෙ ම ආර්ථිකය ගොඩ දාන්න මහන්සි වෙවී ඉන්න කොට, අපේ විශ්වවිද්‍යාලයේ කුලපති තුමා මාරු වෙච්ච බව මම දැන ගත්තේ විශ්වවිද්‍යාල උපාධි ප්‍රදානෝත්සවයට යෑම ගැන මිතුරෙක් සමග කතාවක දී.. ඊට පස්සේ මම පොඩ්ඩක් සොයා බැලුවා මේ අලුත් කුලපති තුමාගේ පත් වීම ගැන..   විශ්ව විද්‍යාලයේ විවිධ පීඨ වලින් නිකුත් කරපු ලිපි වලින් කියවුණේ මේ පත් වීමට තිබුණු අප්‍රසාදයයි. නව කුලපති තුමාට විශ්වවිද්‍යාල අත්දැකීමක් ශිෂ්‍යයෙක් විදිහට හෝ කථිකාචාර්යය කෙනෙකු ලෙස හෝ තිබෙන බවට අන්තර්ජාලයෙන් නම් මට සොයා ගන්න බැරි උනා.. නව කුලපති තුමාට ශාස්ත්‍රීය දැක්මක් හෝ පදනමක් තිබෙන අයෙක් නොවේ ය යන්න කුලපති තුමාගේ පත්වීම ගැන අදහස් විමසන මාධ්‍ය සාකච්ඡාවක් නැරඹූ පසු මට ඒත්තු ගියා.. මෙම පත්වීම ව්‍යවස්ථාවට පටහැණි නොවුනත් නුසුදුසු පුද්ගලයෙක් එම තනතුරට පත් කිරීම ගැනත්, එම තනතුරට තමන් සුදුසු හෝ නුසුදුසු බව නො දැන භාර ගැනීමත් යන කාරණා ගැන මට ඇතිවුනේ දැඩි අප්‍රසාදයක්..    උපාධි ප්‍රදානෝත්සවය 18, අලුත් කුලපති තුමා වැඩ භාර ගන්නේ 17. ඒ කියන්...

මම ____ උනානම් !!

Image
වෛරයත් ආදරයත් ඇති වෙන්නේ එකම හදවතේ.. මේ ගැන හිතන්න හිතන්න සිතිවිලි සංකීර්ණ වෙනවා.. තෝරබේර ගන්න බැරි උනත් මේ සිතුවිලි අතර අතරමං වෙන ගොඩක් අය ඉන්නවා ඇති.. එක්තරා කාලෙක අපි හරී කියලා හිතුනු දෙයක් දැන් වැරදි වෙන්නත්, වැරදී කියල හිතුනු දේවල් හරී වෙන්නත් පුළුවන්.. අත්දැකීම් අපිව වෙනස් කරනවා.. නමුත් අත්දැකීම් වලින් අපි මුලාවෙන තැන් ගොඩක් තියනවා.. ඒ අනෙක් කෙනාගේ අත්දැකීම ගැන අපි නොසිතන නිසා.. පොඩි කාලේ අපි රචනා ලියනවා මම ගසක් උනානම්, මලක් උනානම්, වගේ දේවල් ගැන.. අපිට බැරිද හිතන්න මම සිංහලයෙක් උනානම්, මුස්ලිම් කෙනෙක් උනානම්, දෙමළ කෙනෙක් උනානම් එහෙමත් නැත්නම් ගැහැණියක් පිරිමියෙක් උනානම්, බල්ලෙක්, කුකුළෙක්, ගොනෙක් උනානම් කියලා.. අපි එහෙම හිතන්න කැමති නෑ.. එක්කො ඒ ගැන එහෙම හිතන්න බයයි.. අපි කුකුළෙක් විදිහට හිතුවොත් අපිට කුකුළ කන්න හිතට ඉඩ දෙන්නෙ නැති හැඟීම පීඩාකාරී නිසා.. දෙමළ විදිහට හිතුවොත් අපිටත් අපේ කියල දෙයක් ඕනේ කියලා ඉඩ දෙන්න ඕන සිතිවිල්ල නිසා.. ගැහැණියක් විදිහට හිතුවොත් ඇයගෙ කැපවීම් වලට ස්තූතියි කර නිමක් නැති නිසා.. පිරිමියෙක් විදිහට හිතුවොත් ඔහුගෙ මහන්සිය, වගකීම් වල ආතතිය සිතාග...

අපි නිවට ජාතියක් ද?

Image
දවසක් ඒවි සිංහල කියන වචනය ඉතිහාසයට එක් වෙන, ශ්‍රී ලංකාව කියලා රටක් නැති වෙන, මුස්ලිම් රටක් හරි, ඉන්දියාවෙම දූපතක් වේවි සමහර විට.. ඒකට හේතුව අපි නිවට ජාතියක් වීම ද? සමහර විට වෙන්න ඇති.. ඒත් බෞද්ධ මිනිස්සු තරම් ඉවසපු ජාතියක් තවත් නැතුව ඇති.. මුස්ලිම්වරු හාමුදුරුවරුන්ගෙ ලෙයින් ගංගා නදිය රත් ගැන්වුවා.. නමුත් පෙරළා පලි ගත්තේ නෑ.. දැන් ඉන්දියාවේ බෞද්ධයන් එතරම් නැති උනත්, ඒ හිටපු බෞද්ධයින් සැබෑම බෞද්ධයින් වෙන්න ඕන.. පෘතුගිසීන්, ලන්දේසීන් ලංකාව ආක්‍රමණය කරනකොට සාමන්‍ය මිනිස්සුන්ව ම්ලෙඡවිදිහට මරලා දැන්මා.. ගැහැණු, දරුවන් කියා වෙනසක් නැතිව ගම් වලට කඩා පැනලා කඩුවලින් කපලා කොටලා ගියා..  ඒ අය තුවක්කුවෙන් සටන් කරද්දි අපි දුනු ඊතල වලින් හරි සටන් කලා.. දින්නා පැරදුනා, ඒත් දිගටම සටන් කලා.. එහෙම කලේ නැවතත් රට බේරගන්න මිසක් වෛරයකින් නම් වෙන්න විදිහක් නෑ.. මොකද පෘතිගීසීන්ට ගහලා ලන්දේසීන් රට අල්ලගත්තාම පෘතුගීසී පූජකවරුන්ව පන්සලෙ හංගගෙන බේර ගත්තේ.. ලන්දේසීන්ට ගහලා ඉංග්‍රීසීන් අල්ලගන්නකොටත් එහෙමයි.. හතුරාටත් උදව් කරපු ජාතියක් මේක.. ඒ ක අපේ නිවට කමද මොකක්ද කියන්න මං දන්නේ නෑ.. ඒත් අපි සටන් නොකරපු ...

මම - ගැහැණිය - ස්ත්‍රීවාදය

Image
ගොඩක් අය හිතනවා මම ස්ත්‍රීවාදියෙක් කියලා.. තවත් සමහර අය හිතනවා පිරිමියෙක් වෙන්න යනවා කියලා.. ඒත් මට නම් හිතෙන්නේ මං නිදහස් මනුස්සයෙක් වෙන්නයි උත්සාහ කරන්නේ.. ඒ වගේම අනික් අයෙගේ නිදහස රකින්න උත්සාහ කරනවා.. අපේ සීයා පොඩි කාලේ කියලා තියනවා , " ලෝකයේ ගොඩක් භයානක ම දේ වෙන්නේ මිනිස්සු කරන වැරදි නෙවෙයි , ඒ වැරදි දැක දැකත් තියන නිහඬතාව කියලා" මේක ඇත්තටම ඇත්ත කියලා මට හිතුණු වාර අනන්තයි.. මොකද ගොඩක් අසාධාරණකම් වෙද්දී අසාධාරණයට ගොදුරු වෙච්ච අය පවා ගොලුවත රකිනවා.. පවුලේ පුරුද්දක් ද දන්නෙ නෑ , අහක බලන් යන පුරුද්දක්  නෑ වැරැද්දක් ඉස්සරහ.. ඒත් ගොඩක් ම අත්දැක්ක දෙයක් තමා ගැහැණියක වෙනුවෙන් නම් කතා කලේ ඔන්න ටක් ගාලා ලේබලේ අලවනවා ස්ත්‍රීවාදියා කියලා.. ඒත් මං කිසිම දවසක පිරිමියෙක් ද ගැහැණියක් ද ළමයෙක් ද දුප්පතෙක් ද පොහොසතෙක් ද උගතෙක් ද හාවෙක් ද කොටියෙක් ද නයෙක් ද ,.... ඔහොම කිසිම දෙයක් ගැන හිතලා කතා කරන්නේ නෑ.. කාට උනත් වැරැද්දක් නම් වැරැද්දක් උනේ.. මං ලඟදි කියෙව්වා මහාචාර්යය නලින් ද සිල්වා මහතාගේ ලිපියක් ගැහැණු මනස කියලා.. ඒක ඇත්ත.. ලිංගිකත් වය , මොළයේ සැකැස්මට බල පාන්න පුළුවන්.. ඒක අද ඊය...

ආගමක් නැති මනුස්සයෙක්

Image
ආගම කියල කියන්නෙ ගොඩක් අය කතා කරනවාට අකමැති දෙයක්.. මොකද කෙනෙක් "මෙතන අල්ලන්න එපා තීන්ත ගාලා තියෙන්නේ කියුවොත් අල්ලලා ම බලනවා ඇත්තද කියලා ඒත් කවුරු හරි ලෝකේ මවල තියනවා කියුවොත් එක පාරම පිළිගන්නවා" ඒක ගැන හිතත් එක්ක තර්ක කරන්න හිතන්නෙ නෑ.. සමහර විට ඒ පොඩි කාලේ ඉඳල ම ඒ ගැන කියපු නිසා වෙන්න ඇති.. ඒත් සුරංඟනා කථා පස්සෙ බොරු කියලා හිතද්දී ආගම ගැන හිතන්නෙ නැති වෙන්න හේතුව හිතා ගන්න අමාරුයි.. තමන්ගේ උප්පැන්නයේ තියන ආගම තමා ලෝකෙ තියන හරි ආගම කියලා ගොඩක් අය හිතනවා. නැත්නම් අම්ම තාත්තා හරි වටේ ඉන්න අනික් අය කියපු නිසා ඒක තමා හරී කියල හිතනවා.. ඒත් වෙන කෙනෙකුත් හිතනවා නම් වෙන දෙයක් තමා හරී කියලා ඒ ගැන හිතලා බලන්න ඕන කියලයි මට හිතෙන්නේ.. ඇරත්  ඉතිහාසයේ එන දේවල් වෙනස් වෙන්න පුළුවන් , වෙනස් කරන්න පුළුවන්..  අපට තියෙන්නෙ සාධක විතරයි .. මට දවසක් යාළුවෙක් කියුවා බුදු හාමුදුරුවන්ට කැමති නෑ කියලා.. මං ඇයි කියලා ඇහුවා ම කියුවා ඔක්කොම දන්නවා කියල හිතන් ඉන්නෙ ඒ නිසා කැමති නෑ කියලා.. මගේ උත්තරය උනේ "හැමදේම දන්නවා කියන්නෙ හැමදේ කම මූලය දන්නවා කියන එකටනේ" කියන එකයි.. උප්පැන්නයේ බෞද්...

ගලන ජලය

Image
දහවල් උණුසුමත් රැයෙහි සීතලත් අරගෙන යන ගලන ජලය තැනිතලා නිම්න ගල්පර අතරින් නොනැවතී යන ගලන ජලය උස් පහත් බිම් සමාන කරන්නට වෙර දරන ගලන ජලය ගස්වැල් සතුන් කලු සුදු සැමගේ පහස නිවන ගලන ජලය පොළොවෙන් ඉපද මතකය පොඳි බැඳ මුහුද වෙතට ගලන ජලය

සයිටම් අරගලය

Image
වෛද්‍යවරයෙක් කියන්නෙ කාවහරි සුව පත් කරන කෙනෙක්ට.. ඒක රැකියාවක් වෙන්නෙ මුදල් කියන ඒකකයෙන් ඒ සුව පත් කිරීම මනින නිසයි.. ඒත් සුව පත් කිරීමත් , මුදල් හම්බ කිරීමත් පරස්පර විරෝධි අරමුණු දෙකක්.. මොකද මිනිස්සු ලෙඩ වෙන තරමට තමා මුදල් හම්බ වෙන්නේ.. ගොඩක් ම වෛද්‍යවරු හරියට අලෙවි නියෝජිතයන් වගේ.. එක එක බෙහෙත් හදන ව්‍යාපාරිකයන්ට , බෙහෙත් අලෙවි සැල් වලට , රසායනාගාරවල කමිෂන් එකට වැඩ කරන , මුදල් කියන දේ අරමුණු කරගත් වෘත්තිකයන්  කොටසක් වෙලා.. ඒකට වැරදි මුදල් ගොඩගහගන්න මේ සමාජ ක්‍රමය සහ වෛද්‍යවරු තෝරන අධ්‍යාපන ක්‍රමයයි.. මුදල් කියන දෙයින් අපි දේවල් නො මැන හිටිය නන් මේ වගේ පරස්පර විරෝධි අරමුණු නො එන්න ඉඩ තිබ්බා.. ඇත්තටම මිනිස්සු සුව පත් කිරීම අරමුණු කර ගත්ත හදවතක් ඇති වෛද්‍යවරු බිහි කරන්න තිබ්බා..  වැරදි සමාජ ක්‍රමයක් තුල , අධ්‍යාපන ක්‍රමයක් තුල වෛද්‍ය වෘත්තිකය න්ගේ හෝ ඔවුන් නිසා පැන නැගෙන ප්‍රශ්න වලට සාධාරණ විසඳුම් හොයන එක  අඟින් කිරි දොවනවා වගේ වැඩක් කියලයි මට හිතෙන්නේ.. මේ දවස්වල ලොකුම ප්‍රශ්නය වෙලා තියන සයිටම් එක ගැනත් හරි තීරණයකට එන්න බැරි වෙලා තියෙන්නෙ ඒ නිසයි.. මොනා උනත...

ම්ලේච්ඡත්වය

Image
කුකුළගෙ අණ්ඩ මට ඕන , ඌරු මස් එකේ රස.. ඔය වගේ එක එක කතා අපට නිතර ඇහෙන දේවල් , ගොඩක් අය කන තැන් වල.. මට දැන් අවුරුදු 20 ක් වෙලත් මට හිතා ගන්න බෑ මෙච්චර කල් මං කොහොමද මෙහෙම දේවල් කියුවේ කෑවේ කියලා.. මං දැනන් හිටියනෙ සත්තු මරලයි මෙහෙම කෑම එකට එන්නෙ කියලා.. මං අහල තිබ්බනෙ සත්තුන්ට කරන කරදර මේවගෙ මරන සහ ගොවිපලවල් වල.. එහෙම දැන දැනත් මං කොහොමද මෙච්චරකල් කෑවෙ කියල මට හිතාගන්න බෑ.. මං ඉස්සර කිරි චීස් වලට ගොඩක් ආස කලා.. අම්ම කිය කියත් හිටියා කිරි කාරයෙකුට බන්දලා දුන්නනං හරී කියලා.. ඒත් මට දැන් ගොඩාක් කලකිරෙනවා මං එහෙම දැන දැනත් ඒවට ආස කරපු එකට.. ඒක රසට ඇබ්බැහි වීමක් වෙන්න ඕන.. ඒත් මනුස්සයෙක් විදිහට එහෙම සතෙකුට හිංසා කරලා මරලා ගත්තු කෑම ඒ විදිහට කන එක ම්ලේච්ච වැඩක් විදිහටයි මට දැන් හිතෙන්නේ.. එච්චර දරුණු දේවල් මිනිස්සු ඇඟට නොදැනීම කරන එක මේ සමාජයේ වෙළඳ ලාබ අරමුණු කරගෙන කඩ කාරයන් විසින් ටිකෙන් ටික ඇති කරපු දෙයක් වෙන්න ඕන.. මොකද ඉස්සර මිනිස්සු සතුන් දඩයම් කලත් ඒ සත්තුන්ට ගොඩාක් ආදරය කලා.. එයාලගේ මරණයට නිසි ගෞරවය දුන්නා.. හැමෝම එහෙම නෑ.. මිනී මස් කන එහෙම ගෝත්‍රත් තිබිල තියනවනෙ.. ඒත් අපි එහෙම ම්ලේ...

විශ්වාසය

Image
විශ්වාසය කියන්නෙ යමක් සත්‍ය ලෙස පිළිගැනීම නැත්නම් සැක රහිත බව කියන එකටයි.. කෙනෙක්ට තව කෙනෙක්ව විශ්වාස කරන්නනම් ඒකට තමන්ට තමන්ගෙ ශක්තිය ගැන ලොකු විශ්වාසයක් ඕන.. මොකද කෙනෙක්ව විශ්වාස කරන්න ගොඩක් අය මැලි වෙන්නේ ඒ විශ්වාසය කඩ කලොත් මුහුණ දෙන්න වෙන දේවල් නිසානේ.. මට නම් හිතෙන්නෙ කෙනෙක්ව සැක කරල උදව්වක්වත් වෙන දෙයක් නොකරන ඉන්න වේදනාව, විශ්වාස කරල ඒක හදිස්සියෙන්වත් කඩ උනොත් වෙන වේදනාවට වඩා වැඩී කියලයි.. මොකද විශ්වාසය කියන්නෙ හරිම සියුම් දෙයක්.. ගොඩක් හේතු නිසා විශ්වාසය කියන එක සමාජයේ භයානක දෙයක් වෙලා.. ඒත් අනෙක් අයව විශ්වාස කරන්න පුළුවන් තරමට අපිට කරන්න පුලුවන් දේවලුත් ගොඩක් වැඩී.. හැම තිස්සෙම සැකයෙන් හැමෝම දිහා බැලුවොත් අපිට ඇත්තටම කාමරයෙන් එලියටවත් යන්න බැරි තරම් සැක හිතන දේවල් සමාජයේ වෙනවා..  ඒත් විශ්වාසය කියන දේ එක එක දේවල් වලදි වෙනස් වෙනවා.. බැඳපු නැති ජෝඩුවක පිරිමි කෙනා ගැහැනු කෙනාගෙ විශ්වාසය ප්‍රයෝජනයට අරගෙන නරක විදිහට හැසිරුනොත් එක් වැරදී.. එහෙම විශ්වාස කිරීම නම් මෝඩ කමක්.. හැබැයි එහෙම බැලුවොත් එතන ඇත්තම ආදරයකුත් නෑ.. ඒත් මොනා උනත් තමන් ජීවත් වෙන වටපිටාවට අසීමිතව ආදරය කරන්න ...

සුදු සුළඟ

Image
http://favim.com වේදනා, සතුටු සුසුමන් මුසු වුන සුළඟ ඉඳ හිට තරහත් ගන්නා දැඩි සුළඟ මගේ ලඟටත් ඇවිදින් මුදු සුළඟ මගේ දුකත් අරගෙන යනවද සුදු සුළඟ කරදිය මිරිදිය දෙකෙහිම රැලි මවනා සුළඟ කාගෙත් දහඩිය බිඳු සිඳුවන සුළඟ වෙනසක් නැතිව දඩුවන් දෙන රලු සුළඟ කාටත් සෙනෙහස වපුරයි මගේ සුදු සුළඟ ගස් වැල් තාලෙට නටවන සුළඟ හැම පැනයටම පිළිතුරු දෙන සුළඟ මිතුරෙක් නැති විට් මිතුරෙක් වූ සුළඟ අද නැත්තේ අමනාපද ඔබ සුදු සුළඟ

ආදරය

Image
ආදරේ කිව්වාම මුලින්ම මතක් වෙන්නෙ පෙම්වතියක් පෙම්වතෙක් ලඟ තියන ආදරයයි..  නැත්තම් අම්මගෙ තාත්තගෙ ආදරයයි.. මට නම් හිතෙන්නේ ආදරය කියන දේ එකයි.. එක එක්කෙනාට ඒක පෙන්නන විදිහ, ප්‍රමුඛත්වය දෙන විදිහ, සහ එයාගෙන් ආපහු බලාපොරොත්තු වෙන දේවල් වලයි වෙනස තියෙන්නේ.. පෙම්වතියක් පෙම්වතෙක් එකිනෙකාගෙන් බලාපොරොත්තු වෙන දේ නෙවෙයි යාලුවන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ.. එයාල ලඟ තියෙන්නෙ රාගය මුසු ආදරයක්..    ඒත් යාලුවෙක්ට ජීවිතයම උනත් දෙන්න පුලුවන් තරමට ආදරය කරන්න පුලුවන්..  අම්මගේ තාත්තගෙ ආදරේ විශේෂ වෙන්නේ එයාල කිසිම දෙයක් බලාපොරොත්තු නොවී ආදරය දෙන එකෙයි.. එයාලගෙ ජීවිතේ මූලිකම අරමුණ අපි වෙන නිසයි.. අම්ම තාත්තා නැතිව ඒ තැන ගත්ත සහෝදරයෙක්ට සහෝදරියකට සමහර වෙලාවට අම්ම තාත්තාගෙ ආදරයම දෙන්න පුලුවන්.. දරුවෙක් හදාගන්න ගත්ත අම්ම කෙනෙකුත් තමන්ම වදපු දරුවෙක් ඉන්න අම්ම කෙනෙකුගෙත් දරුවට තියන ආදරේ වෙනසක් දකින්න නොවෙන්න පුලුවන්.. ඒ නිසා ආදරේ සීමා කරන්න බෑ තියන සම්බන්ධතා අනුව.. අක්කා ආදරේ මෙච්චරයි.. යාලුවට ආදරේ මෙච්චරයි කියලා.. සමහර වෙලාවට කෑමක් බෙදාගත්ත නැති උනත් ඕනම කරදරයක බේරගන්න යාලුවෝ සහෝදර සහෝදර...

ධර්මය, ආක්‍රමණය හා යුද්ධය

"ධර්මය අපව යුද්ධය සඳහා නොකැඳවයි.. ආක්‍රමණිකයා ද අපව යුද්ධය සඳහා නොකැඳවයි.. නමුත් ධර්මය අපව යුද්ධය සඳහා නොකැඳවීමෙන් ධර්මයෙහි ශ්‍රේෂ්ඨත්වය පතුරවයි..  ආක්‍රමණිකයා අපව යුද්ධය කරා නොකැඳවීමෙන් එම ආක්‍රමණය නූපන් පරම්පරා දක්වා වපුරවයි..  එයින් නූපන් පරම්පරාවට ධර්මය අහිමි කරයි..  එය රැකගැනීමට මා ගන්නා ව්‍යායාමයට පවසන්නේ යුද්ධය නම් ඒ ඇර මා කුමක් කරන්න ද "                                                - ගැමුණු අභය ["මහරජ ගැමුණු" චිත්‍රපටිය ඇසුරෙන්] යම් රට ක යම් ධර්මයක් රැක ගන්නවා නම් එම රටේ එම ධර්මය, සංස්කෘතිය රැක ගැනීම සියලු මිනිසුන්ගේ වගකීමක්.. තමන් මොන ආගමක මොන ධර්මයක් ඇදහුවත් එම රටට ආවේනික දේ රැකගත් යුතුමයි.. මොකද හැම ධර්මයකටම තියනවා එය රැක ගන්න මිනිසුන් කැපවෙන රටක්.. තමන් විශ්වාස කරන ධර්මය තමා තියන එකම නිවැරදි ධර්මය කියලා අනික් හැම ධර්මයක්ම විනාස කරල තමන්ගේ ධර්මය පැතිරවීම වැරදී.. ධර්මය සහ එම දැනුම අනිවාර්යෙන්ම ඉදිරි පරම්පරාවල් වලට දැනගන්න, ඒක...

නිදහස් අධ්‍යාපනය

පෞද්ගලික විශ්වවිද්‍යාල වලට යන අයට රජයේ විශ්වවිද්‍යාලයේ උප සංස්කෘතිය නොතේරෙනව වගේම රජයේ විශ්වවිද්‍යාලවලට යන අයට පෞද්ගලික විශ්වවිද්‍යාල වලට යන ළමයින්ගෙ දුක වෙහෙස තේරෙන්නෙත් නෑ.. සටන් කරන්න ඕන හැමෝගෙම ඉගනගන්න තියන අධ්‍යාපනයට ඇති නිදහස රැකගන්න මිස සල්ලි වලට ඉගෙන ගන්න ළමයින්ට ඩෙග්‍රී කඩ කියල ගරහන එකවත්, නොමිලේ ඉගෙන ගන්න අවස්තාව ලැබුනු ළමයින්ට මිදි තිත්තයි කියන එකවත් නෙවෙයි..

පුන් සඳ ඔබයි රන් තැලියෙන් කිරි බෙදන

Image
ලෝදිය කුස දරා මිහි මඩළ ලොවට ම ජීවන සුසුමන් පොවන කළ අම්මාවරුන් බඳු යැයි කවියො කිව හළ ඔබට ම ගැළපේය යැයි සිතුනි මේ කළ හදවත වේදනාවෙන් මිරිකී හඬන විට අම්මේ නුඹේ ළමැඳ මුව හොවා ගත් විට දුරු වෙයි සියලු දුක් කරදර ගැහැට අම්මේ ඔබටවන් හදක් නොමැත මිහිපිට හිරු දෙවියන් අවර දිගින් ගිය විට පැන හඳ තරු අහස් ගැබෙන් ඉස්මතු වන ජීවිතය අමාවකයක් ම වූ දින පුන් සඳ ඔබයි රන් තැලියෙන් කිරි    බෙදන

ඒ යුගයේ සෙවණැලි ද මේ හොල්මන් කරන්නේ..

Image
මහා සයුර කළු කරනා අහස් කුස ගිගුම් දෙනා නිරයෙන් ගෙන ආ ලෝදිය කඳු තුඩු නගනා ඍතුවකි ඇරඹුනේ.. ආයුධ වැසි වසිනා රාගය පිටාර ගලනා චණ්ඩ මාරුතය කි මිනිස්කම ගිලගන්නා මේලොව විශ්ව කතරේ සොහොනක් වන්නේ.. බුදුනුත් කීවා එදා පණ්ඩිතුමොත් කීවා එදා ආලෝකය ඩැහැගන්නා අඳුරු යුගයක් එනවා කියා ඒ යුගයේ සෙවණැලි ද මේ හොල්මන් කරන්නේ..

පොසොන් සඳ

මහ සම්මත මනු රජුගේ සිට                    එකළ මහබලි, රාවණ, දෙවිඳු රජ                        කළ දිය, ගොඩ, අඹර අනුහස් දිය                   පතළ යක්, නා, රකුස්, අසුරන් පසින්දු සිව්           හෙළ මැණික් ඔබා තිබු ඒ සිහසුන                  රන්මය බුදුන් වැඩි දා දාගැබ් කළෙ             හෙළයන්මය එකළ ද ඔව්න් අසනට මේ අමයුරු           ධර්මය බුද්ධිකය සිරිකත මේ පින්                     බරමය තෙවරක් ගෞතම බුදු ඕභස් ලැබු මේ            රට වඩිති බුදුන් කැල මේ කප මහ           මෙව්නාවට මෙවන් උතුම් සිරිබර...