පොසොන් සඳ

මහ සම්මත මනු රජුගේ සිට                    එකළ
මහබලි, රාවණ, දෙවිඳු රජ                        කළ
දිය, ගොඩ, අඹර අනුහස් දිය                   පතළ
යක්, නා, රකුස්, අසුරන් පසින්දු සිව්           හෙළ

මැණික් ඔබා තිබු ඒ සිහසුන                  රන්මය
බුදුන් වැඩි දා දාගැබ් කළෙ             හෙළයන්මය
එකළ ද ඔව්න් අසනට මේ අමයුරු           ධර්මය
බුද්ධිකය සිරිකත මේ පින්                     බරමය

තෙවරක් ගෞතම බුදු ඕභස් ලැබු මේ            රට
වඩිති බුදුන් කැල මේ කප මහ           මෙව්නාවට
මෙවන් උතුම් සිරිබර මිණි                     රටකට
ගෙන ආවෙ පොසොනක බුදු දම් රැක     ගන්නට

                              බොහෝ දෙනාගේ මතයක් වනුයේ බුදුදහම මෙරටට පැමිණීමට පෙර මෙරට ඉතා පහත් සංස්කෘතියක් පැවති බවය. නමුත් මා හැඟි පරිදි මෙරට ඉතා දියුණු තත්වයක එකළ ද තිබුනි.

                              මහ සම්මත මනු රජුගෙ සිට  රජ කළ මහබලි, රාවණ, දෙවිඳු ( ආදි රජවරුන් ), අහසෙහිත්, ගොඩබිමෙහිත්, ගුවනෙහිත් බලය පතුරවමින් ලොව වැන්ජ්ඹුනි.  යක්, නා, රකුස්, අසුරන් ප්‍රසිද්ධය සිව් හෙළ..
                              මහා සම්මත මනු රජු යනු ක්‍රි.පූ.28200-28146 දක්වා මන්නාරම( (මනු + නා+ර+ම) මුල් අගනුවර ) ප්‍රදේශයේ රජ කළ හෙළදිව පළමු රජු යැයි අරිසෙන් අහුබුදු මහතා විසින් රචිත "ඉර හඳ නැගි රට" යන ග්‍රන්ථයේ සඳහන්ව ඇත. ඔහුගේ පටන් දිලිබ, වරරාග, කළණ, වර කළණ, උපෝසත්, මහමන්දාතු, මහබලි, කනිටු බලි, හයගිව්, යසස්, දෙවිදු, ලක්විජය, සිව, මහසෙන්, මිණි,.............. ආදි ලෙස රජසුන හෙබවු පිළිවල එහි පෙළගස්වා ඇත. ඒ අනුව මෙහි දෙවෙනි පද වැලෙහි මහබලි, රාවණ, දෙවිඳු යනු මහා බලවත් වු රාවණ දෙවියන් යන අර්ථයෙන් නොව එකළ රජ්‍ය කළ මුහුදු, ගොඩබිම් ආධිපත්‍ය බල පවත්වාගෙන සිටි රජවරුන් කිහිප දෙනෙකි. මේ අතරින් රාවණ රජු ගුවනෙහිත් බලය පතුරවාගෙන සිටි බලවත් රජ කෙනෙකි.තවද මහාවංස කතුවරයා ඉදිරිපත් කල මතයට වඩා වෙනස් මතයක් මේ වන විට අනාවරණය වෙමින් පවතී.. එනම් සිංහලයාගෙ ආරම්භය විජය කුමරුගෙන් නොව මෙරට සශ්‍රීක කළ යක්(කම්මල්කරුවන්), නා(නාවිකයන්),රකුස්(රකින්නන්), අසුරන්(ගොවියන්)යන කුළ හතරෙන් ( සිව් හෙළ-->සීහළ--> සිංහළ) පැවති ඉතා ඈත ඉතිහාසයක සිටය යන්නෙන් යනුවෙනි.

                           මැණික් ඔබා තිබු ඒම සිහසුන රනින් කරන ලද්දකි. බුදුරජාණන් වහන්සේ වැඩි කල දාගැබ් තැනවූයේ හෙළයන්මයි. එකළ ද ඔවුන් අසන්නට මෙම අමූර්තය බඳු වූ ධර්මය බුද්ධිමත් විය. (අසිරිමත් කත) හෙළ දිව පින් බරමය.
                          බුදු රජාණන් වහන්ස මෙරටට දෙවනුව වැඩම කළ අවස්ථාවෙ චූලෝධර හා මහෝධර රජුන් දෙදෙනා මණික් ඔබා තිබු රන් සිහසුනකට රණ්ඩු කළ බව සඳහන් වේ. මේ අනුව එකළ රන් කර්මාන්ත ද දියුණුව පවති බවට සාක්ෂියකි. තව ද බුදුන් වහන්ස මෙරටට වැඩම කළ පළමු අවස්ථාවෙහි ම දාගැබ් කළ බව ද බෞද්ධ ඉතිහාසයේ සඳහන්ය. එම බුදුරදුන් වැඩම කළ අවස්ථා තුනෙහිම ධර්ම දේශනා පවත්වා ඇති අතර එහිදී සෝවාන් පල ලැබූ පිරිස් ද සිටියහ. මෙයින් ද පැහැදිලි වන්නෙ එකළ හෙළයන් ආධ්‍යාත්මික වශයෙන් ද දියුණු අදියරක සිටි බවයි.

                        තෙවරක් ම ගෞතම බුදු රජාණන් වහන්සේගේ බුද්ධ රශ්මිය ලබු මේරට, මේ කල්පයෙහි වෙසූ සියලු ම බුදුවරුන් මහම්මෙව්නාවට වැඩ ඇත. මෙවන් උතුම් වූ සිරියෙන් බරවූ මණික් රටකට රැගෙන ආවේ බුදු දහම රැක ගන්නට ය.
                        බෞද්ධ ඉතිහාසයට අනුව මෙරටට තෙවරක්ම බුදුරජානන් වහන්සේ වැඩම කර ඇත. තව ද මෙරටට මේ කල්පයෙහි වෙසූ කකුසඳ, කෝණාගම, කාශ්‍යප, ගෞතම බුදු රජාණන් වහන්සේලා මහ මෙව්නාවට වැඩම කර ඇති අතර මේ කල්පයෙහි අවසාන බුදුරදුන් වන මෛත්‍රී බුදුරජාණන් වහන්සේ ද වැඩම කරන බවට බෞද්ධ සාහිත්‍යයෙහි සඳහන්ය.ඉදින් මෙම දහම රැක ගන්නටයි පොසොන් සඳ  මිහින්තලය ආලෝකමත් කලේ..


Comments

  1. u r awesome sis! im very proud of u =P =D

    ReplyDelete
  2. lanka ithhasaya mese huwaa dakweema ithaamath sathutata kaaranayaki. wisheeshayek oba wani kudaa diyaniyak mewan barapathala maathrukaawak nirbhayawa saakachcha kereema obe parapurata mahath aadarshayaki.apa ithihasaya gana mesee aadambara wana oba wani diyaniyan me polowata mahath waasanawaki.diyaniyani, mewan lipi thawa thawath nirmanaya kireemata obata shakthiya haa dhairya labewa yai pathami. obata mage subapathum

    ReplyDelete
  3. hehe thaanks aswinda.. but i leanrt to write blogs from u.. and its still not creative as urs :)

    ReplyDelete
  4. ඔබ සතුව "ඉර හඳ නැගි රට " හෙවත් "යටගිය වංශය " ග්‍රන්ථය තියෙනවද?

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

Flow Charts

ධර්මය, ආක්‍රමණය හා යුද්ධය

ආගමක් නැති මනුස්සයෙක්