සුදු සුළඟ

http://favim.com
වේදනා, සතුටු සුසුමන් මුසු වුන සුළඟ
ඉඳ හිට තරහත් ගන්නා දැඩි සුළඟ
මගේ ලඟටත් ඇවිදින් මුදු සුළඟ
මගේ දුකත් අරගෙන යනවද සුදු සුළඟ

කරදිය මිරිදිය දෙකෙහිම රැලි මවනා සුළඟ
කාගෙත් දහඩිය බිඳු සිඳුවන සුළඟ
වෙනසක් නැතිව දඩුවන් දෙන රලු සුළඟ
කාටත් සෙනෙහස වපුරයි මගේ සුදු සුළඟ

ගස් වැල් තාලෙට නටවන සුළඟ
හැම පැනයටම පිළිතුරු දෙන සුළඟ
මිතුරෙක් නැති විට් මිතුරෙක් වූ සුළඟ
අද නැත්තේ අමනාපද ඔබ සුදු සුළඟ

Comments

Popular posts from this blog

Flow Charts

Simple Sorting and Searching Algorithms

Keyword 'final' in JAVA