ආදරය

ආදරේ කිව්වාම මුලින්ම මතක් වෙන්නෙ පෙම්වතියක් පෙම්වතෙක් ලඟ තියන ආදරයයි.. නැත්තම් අම්මගෙ තාත්තගෙ ආදරයයි.. මට නම් හිතෙන්නේ ආදරය කියන දේ එකයි.. එක එක්කෙනාට ඒක පෙන්නන විදිහ, ප්‍රමුඛත්වය දෙන විදිහ, සහ එයාගෙන් ආපහු බලාපොරොත්තු වෙන දේවල් වලයි වෙනස තියෙන්නේ.. පෙම්වතියක් පෙම්වතෙක් එකිනෙකාගෙන් බලාපොරොත්තු වෙන දේ නෙවෙයි යාලුවන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ.. එයාල ලඟ තියෙන්නෙ රාගය මුසු ආදරයක්..   ඒත් යාලුවෙක්ට ජීවිතයම උනත් දෙන්න පුලුවන් තරමට ආදරය කරන්න පුලුවන්..
 අම්මගේ තාත්තගෙ ආදරේ විශේෂ වෙන්නේ එයාල කිසිම දෙයක් බලාපොරොත්තු නොවී ආදරය දෙන එකෙයි.. එයාලගෙ ජීවිතේ මූලිකම අරමුණ අපි වෙන නිසයි.. අම්ම තාත්තා නැතිව ඒ තැන ගත්ත සහෝදරයෙක්ට සහෝදරියකට සමහර වෙලාවට අම්ම තාත්තාගෙ ආදරයම දෙන්න පුලුවන්.. දරුවෙක් හදාගන්න ගත්ත අම්ම කෙනෙකුත් තමන්ම වදපු දරුවෙක් ඉන්න අම්ම කෙනෙකුගෙත් දරුවට තියන ආදරේ වෙනසක් දකින්න නොවෙන්න පුලුවන්..
ඒ නිසා ආදරේ සීමා කරන්න බෑ තියන සම්බන්ධතා අනුව.. අක්කා ආදරේ මෙච්චරයි.. යාලුවට ආදරේ මෙච්චරයි කියලා.. සමහර වෙලාවට කෑමක් බෙදාගත්ත නැති උනත් ඕනම කරදරයක බේරගන්න යාලුවෝ සහෝදර සහෝදරියෝ ඉන්න පුලුවන්.. පාරෙ ඉන්න පොඩි බලු පැටියෙක්ව හදාගන්න ගන්නෙත් ආදරය නිසයි.. ඒ අනුකම්පාව මුසු ආදරයක්.. බඩගින්නෙ ඉන්න කෙනෙක් දැක්කාම කන්න දෙන්නේ හිතේ තියන ආදරය නිසා කියලයි මට හිතෙන්නේ..  සමාජය දිහා සානුකම්පිතව බැලුවොත් ඒ හැම දෙනාටම හැම දේකටම ආදරේ දෙන්න පුලුවන්.. ගස් වැල් වලට.. සත්තුන්ට.. දුප්පත් පොහොසත් ආගම් බේදයක් නැතුව.. ධනවාදී සමාජවාදී සංකල්ප තුලත් ගැබ්වෙලා තියෙන්නේ අපි එකිනෙකා ගැන පරිසරය ගැන කොච්චර හිතනව ද ආදරය කරනවද කියන දේයි..   ආදරය දෙන තරමටම දුකත් දැනෙනවා වැඩි වෙන්නේ ආපහු දෙයක් බලාපොරොත්තු වෙන නිසා වෙන්න ඇති.. ගොඩාක් හොඳ මිනිස්සු ඉක්මනට මැරෙනව නරක මිනිස්සු ගොඩක් කල් ඉන්නව කියල කියන්නේ හොඳ මිනිස්සු හිතනවා වැඩි වෙලා ආතතියට පත් වෙන නිසා වෙන්න ඇති.. බුදු දහමෙ කියන්නේ බැඳීම් ඉවත් කරන්න කියලයි.. ඒත් බුදුහාමුදුරුවෝ ධහම් දේශනා කලේ මිනිස්සුන්ව දුකෙන් මුදන්නයි.. ඒ ලෝක සත්ත්වයන්ට තිබ්බ කරුණාව ආදරය නිසා කියලයි මට හිතෙන්නෙ.. බැඳීම් සහ ආදරේ දෙකක් කියලයි හිතෙන්නේ... ආදරය කලත් බැඳීම් ඇති කරගන්නෙ නැතුව ඉන්න පුලුවන්නේ.. හිතාගන්න අමාරුයි එහෙම කරන්න පුලුවන්ද කියලා මොනා උනත් ලෞකික ජීවිතයේ ආදරය නැතුව ජීවත් වෙන්න අමාරුයි.. ඒ නිසා වෙන්න ඕන ජීවිත කාලයම එකටම ඉන්න කියල එකම අරමුණක් හදාගෙන බඳින්නේ.. සමහර විට ඒ අරමුණ දරුවන් වෙන්න පුලුවන්.. වෙනත් දෙයක් වෙන්නත් පුලුවන්.. මොනා උනත් ආදරේ කියන දේ වචනයෙන් විස්තර කරන්න පුලුවන් දෙයක් නෙවෙයි.. ඒ ගැන කොච්චර හිතුවත්.. කොතනින් කොහොම හිතේ ආදරය ඇති වෙනව ද කියලවත් හිතාගන්න බෑ.. ඇත්තටම ඒක ලෝකෙ තියන හොඳම දේ වෙන්න ඇති..

Comments

Popular posts from this blog

Flow Charts

ධර්මය, ආක්‍රමණය හා යුද්ධය

ආගමක් නැති මනුස්සයෙක්