ගලන ජලය


දහවල් උණුසුමත්
රැයෙහි සීතලත්
අරගෙන යන
ගලන ජලය

තැනිතලා නිම්න
ගල්පර අතරින්
නොනැවතී යන
ගලන ජලය

උස් පහත් බිම්
සමාන කරන්නට
වෙර දරන
ගලන ජලය

ගස්වැල් සතුන්
කලු සුදු සැමගේ
පහස නිවන
ගලන ජලය

පොළොවෙන් ඉපද
මතකය පොඳි බැඳ
මුහුද වෙතට
ගලන ජලය


Comments

Popular posts from this blog

Flow Charts

ධර්මය, ආක්‍රමණය හා යුද්ධය

ආගමක් නැති මනුස්සයෙක්