ම්ලේච්ඡත්වය


Image resultකුකුළගෙ අණ්ඩ මට ඕන, ඌරු මස් එකේ රස.. ඔය වගේ එක එක කතා අපට නිතර ඇහෙන දේවල්, ගොඩක් අය කන තැන් වල.. මට දැන් අවුරුදු 20ක් වෙලත් මට හිතා ගන්න බෑ මෙච්චර කල් මං කොහොමද මෙහෙම දේවල් කියුවේ කෑවේ කියලා.. මං දැනන් හිටියනෙ සත්තු මරලයි මෙහෙම කෑම එකට එන්නෙ කියලා.. මං අහල තිබ්බනෙ සත්තුන්ට කරන කරදර මේවගෙ මරන සහ ගොවිපලවල් වල.. එහෙම දැන දැනත් මං කොහොමද මෙච්චරකල් කෑවෙ කියල මට හිතාගන්න බෑ.. මං ඉස්සර කිරි චීස් වලට ගොඩක් ආස කලා.. අම්ම කිය කියත් හිටියා කිරි කාරයෙකුට බන්දලා දුන්නනං හරී කියලා.. ඒත් මට දැන් ගොඩාක් කලකිරෙනවා මං එහෙම දැන දැනත් ඒවට ආස කරපු එකට.. ඒක රසට ඇබ්බැහි වීමක් වෙන්න ඕන.. ඒත් මනුස්සයෙක් විදිහට එහෙම සතෙකුට හිංසා කරලා මරලා ගත්තු කෑම ඒ විදිහට කන එක ම්ලේච්ච වැඩක් විදිහටයි මට දැන් හිතෙන්නේ.. එච්චර දරුණු දේවල් මිනිස්සු ඇඟට නොදැනීම කරන එක මේ සමාජයේ වෙළඳ ලාබ අරමුණු කරගෙන කඩ කාරයන් විසින් ටිකෙන් ටික ඇති කරපු දෙයක් වෙන්න ඕන.. මොකද ඉස්සර මිනිස්සු සතුන් දඩයම් කලත් ඒ සත්තුන්ට ගොඩාක් ආදරය කලා.. එයාලගේ මරණයට නිසි ගෞරවය දුන්නා.. හැමෝම එහෙම නෑ.. මිනී මස් කන එහෙම ගෝත්‍රත් තිබිල තියනවනෙ.. ඒත් අපි එහෙම ම්ලේච්ඡ මිනිස්සු නෙවෙයි නේ.. පොඩි ළමයෙක් ගත්තොත් සත්තුන්ට ගස් වලට කොච්චර ආදරෙයි ද.. ඒත් ඒ ළමය ලොකු වෙද්දි එයා ඉස්සර ආසවෙන් කෑම දීල බලගත්තු කුකුලවම කනවා.. එතකොට ඒ මානසිකත්වය හදල තියෙන්නෙ සමාජය.. සත්තු තමන්ගෙ ම යාළුවෝ වගේ එයා ලත් එක්ක කතා කර කර ආදරය දුන්නත් ඒ හැමදෙයක්ම ඔලුවෙන් මකලා දාන්න තරම් පුළුවන් වෙළඳපළක් සමාජය තුල තියෙනවා.. ඉස්සර ගෙදර හිටපු එළදෙනගෙන් පැටියට කිරි දීල ඉතිරි ටික පොඩ්ඩක් බොනවා වගේ නෙවෙයි මහා පරිමානෙන් ඉල්ලුමට වඩා සැපයුමක් දෙන්න ව්‍යාපාරිකයෝ ඒ සත්තුන්ට කරන කරදර.. අපි නො නැසී ඉන්න නෙවෙයි නෙ මස් කන්නෙ.. ලංකාව වගේ රටක් කියන්නෙ ඕන තරම් එළවලු පළතුරු තියන රටක්.. අපි වෙනුවෙන් සත්තු මරවල කන්න ඕනද.. ඒ සත්තු අපට කිසිම වරදක් කරපු අය නෙවෙයි.. මදුරු මරන්නෙ එයාලා අපේ ලේ බීල කරදර කරන නිසා කියල කියන්න පුළුවන්.. ඒත් ඇයි මස් කන්නෙ.. රස නිසා අපි තවත් සතෙක්ට මෙච්චර දුකක් දෙන්න හිත දරුණු වුනේ කොහොමද.. ඒ ගැන හිතද්දීත් දැනෙන්නෙ හරිම වේදනාවක්.. අපවත් එහෙම කන වෙන ලෝකයකින් අපට වඩා ගොඩක් දියුණු සත්ත්ව කොටසක් ඇවිත් මේ මොලේ නැති මිනිස්සු කෑව කියල කිසි ප්‍රශ්නයක් නෑ කියල හිතල... අපි ආදරය කරන අයව ටික ටික කාල දැන්මනම්.. අම්මලව බලහත්කාරයෙන් ගැබ් බර  කලානම්.. අම්මගෙන් ළමයව වෙන් කරල කිරි ටික ගුණයි කියල ගත්තනම්, මිනිස්සුන්ට තේරෙයි අපි කොච්චර ම්ලේච්ඡ දෙයක්ද මේ කරන්නෙ කියල..

Comments

Popular posts from this blog

Flow Charts

ධර්මය, ආක්‍රමණය හා යුද්ධය

ආගමක් නැති මනුස්සයෙක්