විශ්වාසය


විශ්වාසය කියන්නෙ යමක් සත්‍ය ලෙස පිළිගැනීම නැත්නම් සැක රහිත බව කියන එකටයි.. කෙනෙක්ට තව කෙනෙක්ව විශ්වාස කරන්නනම් ඒකට තමන්ට තමන්ගෙ ශක්තිය ගැන ලොකු විශ්වාසයක් ඕන.. මොකද කෙනෙක්ව විශ්වාස කරන්න ගොඩක් අය මැලි වෙන්නේ ඒ විශ්වාසය කඩ කලොත් මුහුණ දෙන්න වෙන දේවල් නිසානේ.. මට නම් හිතෙන්නෙ කෙනෙක්ව සැක කරල උදව්වක්වත් වෙන දෙයක් නොකරන ඉන්න වේදනාව, විශ්වාස කරල ඒක හදිස්සියෙන්වත් කඩ උනොත් වෙන වේදනාවට වඩා වැඩී කියලයි.. මොකද විශ්වාසය කියන්නෙ හරිම සියුම් දෙයක්.. ගොඩක් හේතු නිසා විශ්වාසය කියන එක සමාජයේ භයානක දෙයක් වෙලා.. ඒත් අනෙක් අයව විශ්වාස කරන්න පුළුවන් තරමට අපිට කරන්න පුලුවන් දේවලුත් ගොඩක් වැඩී.. හැම තිස්සෙම සැකයෙන් හැමෝම දිහා බැලුවොත් අපිට ඇත්තටම කාමරයෙන් එලියටවත් යන්න බැරි තරම් සැක හිතන දේවල් සමාජයේ වෙනවා..  ඒත් විශ්වාසය කියන දේ එක එක දේවල් වලදි වෙනස් වෙනවා.. බැඳපු නැති ජෝඩුවක පිරිමි කෙනා ගැහැනු කෙනාගෙ විශ්වාසය ප්‍රයෝජනයට අරගෙන නරක විදිහට හැසිරුනොත් එක් වැරදී.. එහෙම විශ්වාස කිරීම නම් මෝඩ කමක්.. හැබැයි එහෙම බැලුවොත් එතන ඇත්තම ආදරයකුත් නෑ.. ඒත් මොනා උනත් තමන් ජීවත් වෙන වටපිටාවට අසීමිතව ආදරය කරන්න පුලුවන් වෙන්නෙත් තමන් තුළ අනෙක් අය ගැන තියන විශ්වාසය නිසා කියලයි මට හිතෙන්නෙ.. පාරෙදි කෙනෙක් දුරකතන ඇමතුමක් ගන්න ඇහුවොත් කෙනෙක් දෙපාරක් හිතන්න පුලුවන්.. ඒ ඒ කෙනා ෆෝන් එක හොරකන් කර ගනීද නැත්නම් වෙන මොනා හරි වැරදි දේකට පාවිච්චි කරයිද කියලා.. ඒත් ඇත්තටම අසරණ කෙනෙකුට උදව් වෙන එක හිතට සැනසීමක් රැවටෙයි කියල නොදී ඉන්නවට වඩා... මම නම් කිසිම කෙනෙක් සැක කරන්න කැමති කෙනෙක් නෙවෙයි.. ඒවයේ සමහර ප්‍රතිවිපාක හොඳටම විඳල තියනවා උනත් අපි කැමති ලස්සන වටපිටාවක් සමාජයක් දකින්න නම් සමාජය දිහා ආදරයෙන් සහ විශ්වාසයෙන් බලන්න ඕන කියලයි මට හිතෙන්නේ..

Comments

Popular posts from this blog

Flow Charts

ධර්මය, ආක්‍රමණය හා යුද්ධය

ආගමක් නැති මනුස්සයෙක්