ධර්මය, ආක්‍රමණය හා යුද්ධය

"ධර්මය අපව යුද්ධය සඳහා නොකැඳවයි.. ආක්‍රමණිකයා ද අපව යුද්ධය සඳහා නොකැඳවයි..
නමුත් ධර්මය අපව යුද්ධය සඳහා නොකැඳවීමෙන් ධර්මයෙහි ශ්‍රේෂ්ඨත්වය පතුරවයි.. 
ආක්‍රමණිකයා අපව යුද්ධය කරා නොකැඳවීමෙන් එම ආක්‍රමණය නූපන් පරම්පරා දක්වා වපුරවයි.. 
එයින් නූපන් පරම්පරාවට ධර්මය අහිමි කරයි.. 
එය රැකගැනීමට මා ගන්නා ව්‍යායාමයට පවසන්නේ යුද්ධය නම් ඒ ඇර මා කුමක් කරන්න ද "

                                               - ගැමුණු අභය ["මහරජ ගැමුණු" චිත්‍රපටිය ඇසුරෙන්]


යම් රටක යම් ධර්මයක් රැක ගන්නවා නම් එම රටේ එම ධර්මය, සංස්කෘතිය රැක ගැනීම සියලු මිනිසුන්ගේ වගකීමක්.. තමන් මොන ආගමක මොන ධර්මයක් ඇදහුවත් එම රටට ආවේනික දේ රැකගත් යුතුමයි.. මොකද හැම ධර්මයකටම තියනවා එය රැක ගන්න මිනිසුන් කැපවෙන රටක්.. තමන් විශ්වාස කරන ධර්මය තමා තියන එකම නිවැරදි ධර්මය කියලා අනික් හැම ධර්මයක්ම විනාස කරල තමන්ගේ ධර්මය පැතිරවීම වැරදී.. ධර්මය සහ එම දැනුම අනිවාර්යෙන්ම ඉදිරි පරම්පරාවල් වලට දැනගන්න, ඒක රැකගන්නම ඕන.. ඒ රැකගන්න ධර්මයටම එපිටින් ගිහින් ඒක රැකගන්න මිනිසුන් සටන් කරන එක වැරදි නෑ.. මොකද එහෙම කලින් පරම්පරාවල් ඒ දැනුම රැක ගත්තෙ නැත්තම් නිවැරදි දේ මොකක් ද කියල හිතල බලල විශ්වාස කරන්න කිසිම දෙයක් අද නැති වෙන්න තිබ්බා.. ලංකාව බුද්ධ ධර්මය අවුරුදු දෙදහස් ගානක් ආරක්ෂා කලා.. වෙනත් රටවල ඒ ඒ ආගම් සංස්කෘතීන් ආරක්ෂා කරගන්නවා වගේම බුද්ධ ධර්මය, දර්ශනය තව දුරටත් මේ රටේ රැකගන්න එක සිංහල බෞද්ධ වගේ ම අනෙකුත් බෞද්ධ අබෞද්ධ හැමෝගෙම වගකීමක් කියලයි මට දැනෙන්නේ..


Comments

Popular posts from this blog

Flow Charts

ආගමක් නැති මනුස්සයෙක්