සයිටම් අරගලය

වෛද්‍යවරයෙක් කියන්නෙ කාවහරි සුව පත් කරන කෙනෙක්ට.. ඒක රැකියාවක් වෙන්නෙ මුදල් කියන ඒකකයෙන් ඒ සුව පත් කිරීම මනින නිසයි.. ඒත් සුව පත් කිරීමත්, මුදල් හම්බ කිරීමත් පරස්පර විරෝධි අරමුණු දෙකක්.. මොකද මිනිස්සු ලෙඩ වෙන තරමට තමා මුදල් හම්බ වෙන්නේ.. ගොඩක් ම වෛද්‍යවරු හරියට අලෙවි නියෝජිතයන් වගේ.. එක එක බෙහෙත් හදන ව්‍යාපාරිකයන්ට, බෙහෙත් අලෙවි සැල් වලට, රසායනාගාරවල කමිෂන් එකට වැඩ කරන, මුදල් කියන දේ අරමුණු කරගත් වෘත්තිකයන්  කොටසක් වෙලා..

ඒකට වැරදි මුදල් ගොඩගහගන්න මේ සමාජ ක්‍රමය සහ වෛද්‍යවරු තෝරන අධ්‍යාපන ක්‍රමයයි.. මුදල් කියන දෙයින් අපි දේවල් නො මැන හිටිය නන් මේ වගේ පරස්පර විරෝධි අරමුණු නො එන්න ඉඩ තිබ්බා.. ඇත්තටම මිනිස්සු සුව පත් කිරීම අරමුණු කර ගත්ත හදවතක් ඇති වෛද්‍යවරු බිහි කරන්න තිබ්බා..  වැරදි සමාජ ක්‍රමයක් තුල, අධ්‍යාපන ක්‍රමයක් තුල වෛද්‍ය වෘත්තිකයන්ගේ හෝ ඔවුන් නිසා පැන නැගෙන ප්‍රශ්න වලට සාධාරණ විසඳුම් හොයන එක  අඟින් කිරි දොවනවා වගේ වැඩක් කියලයි මට හිතෙන්නේ..

මේ දවස්වල ලොකුම ප්‍රශ්නය වෙලා තියන සයිටම් එක ගැනත් හරි තීරණයකට එන්න බැරි වෙලා තියෙන්නෙ ඒ නිසයි.. මොනා උනත් උසස් අධ්‍යාපනය ලබන්න හැමෝටම හරි හෝ වැරදි එකම නිර්ණායකයකින් මනින එකයි වඩාත් ම සාධාරණ කියලයි මගේ අදහස.. ඒක උසස් පෙළ ලකුණු නම්, හැමෝටම ඒක එහෙම වෙන්න ඕන.. උසස් අධ්‍යාපනයට ඒකට සුදුසු අයගෙන් 20%ක්නම් තෝරගන්නේ, අරමුණ වෙන්න ඕන ඒක 100% දක්වා එකම විදිහකට වැඩි කරගන එකයි.. ඉතිරි 80% මුදල් මත  තොරගන්නවා කියන එක වැඩි කොටසකට වෙන අයුක්තියක් විදිහටයි මට හිතෙන්නේ.. නමුත් හැමදෙයක්ම මුදලට තීරණය වෙද්දි සයිටම් එකට විතරක් ඇයි ප්‍රශ්නයක් විදිහට එලියට ආවෙ කියන එක මං දන්නේ නෑ..  සමහරවිට දේශපාලනික බලපෑම් සහ මෙහෙයවීම් වෙන්න පුලුවන්, තවත් වෙලාවක අයුක්තිය වෙන බහුතර දෙනා ගැන හදවතින්ම කම්පා වෙන නිසා වෙන්න පුලුවන්.. මේ අරගලයෙ නරකම දේ තමා වැරදි සටන් පාඨ.. "සයිටම් අහෝසි කරනු" වගේ ඒවා.. කුහක කමට නම් සටන් නොකර ගෙදරට වෙලා පාඩම් කරන්න තිබ්බා.. ඒත් එහෙම නොකර ඇවිත් සටන් කරන්න ඕන තනියෙන් නෙමෙයි, හැමෝම එකතු කරන්.. මිනිස්සුන්ට තේරෙන්න ඕන මේ සටන් කරන්නෙ මොනාටද කියලා.. අර වගේ සටන් පාඨ දැක්කාම කාට උනත් හිතෙන්නේ කුහකයෝ කියලා තමා.. ඒත් අර ලකුණු නිර්ණායකය මත තේරිලා රජයේ උසස් අධ්‍යාපනය ලබලා බිහි වුන වෛද්‍යවරු සැබෑ වෛද්‍යවරු නොවෙනකොට මේ අරගලය ඇත්තටම ගඟට ඉනි කපනවා වගේ නිෂ්ඵල වෑයමක් කියල හිතෙනවා..  මොනා උනත් මේ ප්‍රශ්නේ වෛද්‍යවරයෙකුට විතරක් නෙවෙයි ඕනම වෘතිකයෙක්ට අදාළයි.. මොකද හැම වෘතිකයෙක්ම සෞඛ්‍ය සම්පන්න, ආරක්ෂිත සමාජයක් පවත්වා ගන්න එකේ කොටස් කාරයෙක් වෙන නිසා.. කියුවා වගේ මේ ක්‍රමය ඇතුළෙ හරි විසඳුමක් නෑ.. බහුතරයකට සාධාරණ තාවකාලික විසඳුම, හරි හෝ වැරදි මේ අධ්‍යාපනය එකම නිර්ණායකට පුළුවන් තරම් 100% දක්වා ගේන එක කියලයි මට හිතෙන්නේ.. එහෙම බැලුවාම සයිටම් එක රජයට පවරගන්නවා කියන්නෙ අර 20% තව 1% කින් හරි වැඩි වෙනවා කියන එකයි.. බලය සහ මුදල ඉතාමත් වැඩි කෙනෙක්ට වෙන රටක ගිහින් හරි ඉගෙන ගන්න පුලුවන්.. නමුත් පොදුවේ බැලුවාම දුප්පත් උනත් පොහොසත් උනත් වැඩියෙන් මහන්සිවෙලා ලකුණු ගන්න කෙනාට තැන ලැබෙන්න ඕන කියලයි මට හිතෙන්නෙ.. නමුත් ලකුණු කියන නිර්ණායකය පොඩ්ඩක් වත් වෛද්‍යවරයෙක් තෝරන්න හොඳ නිර්ණායකයක් නෙවෙයි.. 

Comments

Popular posts from this blog

Flow Charts

ධර්මය, ආක්‍රමණය හා යුද්ධය

ආගමක් නැති මනුස්සයෙක්