මම ____ උනානම් !!



වෛරයත් ආදරයත් ඇති වෙන්නේ එකම හදවතේ.. මේ ගැන හිතන්න හිතන්න සිතිවිලි සංකීර්ණ වෙනවා.. තෝරබේර ගන්න බැරි උනත් මේ සිතුවිලි අතර අතරමං වෙන ගොඩක් අය ඉන්නවා ඇති.. එක්තරා කාලෙක අපි හරී කියලා හිතුනු දෙයක් දැන් වැරදි වෙන්නත්, වැරදී කියල හිතුනු දේවල් හරී වෙන්නත් පුළුවන්.. අත්දැකීම් අපිව වෙනස් කරනවා.. නමුත් අත්දැකීම් වලින් අපි මුලාවෙන තැන් ගොඩක් තියනවා.. ඒ අනෙක් කෙනාගේ අත්දැකීම ගැන අපි නොසිතන නිසා.. පොඩි කාලේ අපි රචනා ලියනවා මම ගසක් උනානම්, මලක් උනානම්, වගේ දේවල් ගැන.. අපිට බැරිද හිතන්න මම සිංහලයෙක් උනානම්, මුස්ලිම් කෙනෙක් උනානම්, දෙමළ කෙනෙක් උනානම් එහෙමත් නැත්නම් ගැහැණියක් පිරිමියෙක් උනානම්, බල්ලෙක්, කුකුළෙක්, ගොනෙක් උනානම් කියලා.. අපි එහෙම හිතන්න කැමති නෑ.. එක්කො ඒ ගැන එහෙම හිතන්න බයයි..

අපි කුකුළෙක් විදිහට හිතුවොත් අපිට කුකුළ කන්න හිතට ඉඩ දෙන්නෙ නැති හැඟීම පීඩාකාරී නිසා.. දෙමළ විදිහට හිතුවොත් අපිටත් අපේ කියල දෙයක් ඕනේ කියලා ඉඩ දෙන්න ඕන සිතිවිල්ල නිසා.. ගැහැණියක් විදිහට හිතුවොත් ඇයගෙ කැපවීම් වලට ස්තූතියි කර නිමක් නැති නිසා.. පිරිමියෙක් විදිහට හිතුවොත් ඔහුගෙ මහන්සිය, වගකීම් වල ආතතිය සිතාගත නොහැකි නිසා..  හරි වැරැද්දක් නැති සාපේක්ෂ සිතිවිලි ගොඩක් අතරේ ගොඩ එන්න බැරි ආගාධයක වැටෙනවා..

මුස්ලිම් සිංහල අයගෙත් ප්‍රශ්නය තියෙන්නේ මෙතනයි.. මහ ජාතියකුයි සුළු ජාතියකුයි අතර ප්‍රශ්නයක්.. ඒත් ඇත්තටම මහ ජාතිය මොකක් ද? සිංහල අයද? ලංකාවට සාපේක්ශව එහෙම උනත් ඇත්තටම නම් මුස්ලිම් අය තමා මහ ජාතිය වෙන්නේ.. මොකද  ලෝකේ මුස්ලිම් ජනගණයත් එක්ක බැලුවාම සිංහල ජනගහණය නොසැලකිය හැකි තරම් කුඩයි.. ශ්‍රී ලාංකික මුස්ලිම් අයට නොතේරෙන්නෙ මෙන්න මෙතනයි.. සිංහලයන්ගේ බය.. තමන්ට කියල තියන එකම තැනත් නැති වෙයි කියන සාධාරණ බය.. මේක තේරුම් ගත්තනම්,සැබෑ මුස්ලිම්වරු, මේ සිංහල රට මුස්ලිම් කරන්න යන්න හදන කවුරුහරි ඉන්නවානම්  ඊට විරුද්ධ වෙයි.. අනෙක් අතට ශ්‍රී ලාංකීය මුස්ලිම්, දෙමළ,.. මේ රටේ පුරවැසිබාවය ඇති සියලු දෙනාට, සිංහල අයට වගේම ඒ අයටත් මේ රට අයිති බව තේරුම්ගන්න ඕන.. තමන් ____ උනානම්..

PS: මම ෆැන්ටසි කාරයෙක් කියල කෙනෙක් හිතයි, ජාතිවාදයෙක් කියල තවත් කෙනෙක් හිතයි.. කොහොම හිතුවත් මම ලෝකවාසියෙක්.. :'D



Comments

Popular posts from this blog

Flow Charts

ධර්මය, ආක්‍රමණය හා යුද්ධය

ආගමක් නැති මනුස්සයෙක්