ආගමක් නැති මනුස්සයෙක්

ආගම කියල කියන්නෙ ගොඩක් අය කතා කරනවාට අකමැති දෙයක්.. මොකද කෙනෙක් "මෙතන අල්ලන්න එපා තීන්ත ගාලා තියෙන්නේ කියුවොත් අල්ලලා ම බලනවා ඇත්තද කියලා ඒත් කවුරු හරි ලෝකේ මවල තියනවා කියුවොත් එක පාරම පිළිගන්නවා" ඒක ගැන හිතත් එක්ක තර්ක කරන්න හිතන්නෙ නෑ.. සමහර විට ඒ පොඩි කාලේ ඉඳල ම ඒ ගැන කියපු නිසා වෙන්න ඇති.. ඒත් සුරංඟනා කථා පස්සෙ බොරු කියලා හිතද්දී ආගම ගැන හිතන්නෙ නැති වෙන්න හේතුව හිතා ගන්න අමාරුයි.. තමන්ගේ උප්පැන්නයේ තියන ආගම තමා ලෝකෙ තියන හරි ආගම කියලා ගොඩක් අය හිතනවා. නැත්නම් අම්ම තාත්තා හරි වටේ ඉන්න අනික් අය කියපු නිසා ඒක තමා හරී කියල හිතනවා.. ඒත් වෙන කෙනෙකුත් හිතනවා නම් වෙන දෙයක් තමා හරී කියලා ඒ ගැන හිතලා බලන්න ඕන කියලයි මට හිතෙන්නේ.. ඇරත් ඉතිහාසයේ එන දේවල් වෙනස් වෙන්න පුළුවන්, වෙනස් කරන්න පුළුවන්.. අපට තියෙන්නෙ සාධක විතරයි ..

මට දවසක් යාළුවෙක් කියුවා බුදු හාමුදුරුවන්ට කැමති නෑ කියලා.. මං ඇයි කියලා ඇහුවා ම කියුවා ඔක්කොම දන්නවා කියල හිතන් ඉන්නෙ ඒ නිසා කැමති නෑ කියලා.. මගේ උත්තරය උනේ "හැමදේම දන්නවා කියන්නෙ හැමදේ කම මූලය දන්නවා කියන එකටනේ" කියන එකයි.. උප්පැන්නයේ බෞද්ධ කියලා තිබ්බත් මං විශ්වාස කරන්නේ බෞද්ධ ආගමේ තියන බෞද්ධ දර්ශනය ඒ කියන්නේ හේතු ඵල දහම, මධ්‍යම ප්‍රතිපදාව, චතුරාර්ය සත්‍ය වගේ බුද්ධියට ගෝචර වගේ දේවල් විතරයි සත්‍ය අවබෝධ කර ගත්තු සිදුහත් කුමාරයා ඒ කියන්නේ බුදු හාමුදුරුවෝත් කියලා තියන දේවල් වෙන අයනේ කියන්නේ කියුවා කියලා.. හරියට පන්සිය පනස් ජාතක පොතේ වගේ.. නමුත් ඒවා බෞද්ධ සාහිත්‍ය වෙන්න ඕන.. මොකද ඒකෙ තියන සමහර දේවල් පරස්පර විරෝධී සහ විය නො හැකි දේවල් කියල හිතනවා.. ඒ වගේ ම පැවිදි වෙන්න තියන සිරිත්, නීති වගේ දේවල් ඇත්තටම බුදු හාමුදුරුවෝ දේශනා කරපු වද කියලා හිතනවා මොකද ඒවා මිනිස්සුන්ගේ රූපය ලිංගිකත් වය මත වෙනස්කම් කරලා තියන නිසා.. සමහර විට ඒ කාලයට ගැළපෙන්න කියලා නිසා වත් ද නැත්නම් මිනිස්සු එහෙම හදා ගත්තා ද දන්නේ නෑ..

ඒ වගේ ම මැරුණා ම දෙවියන් ලඟට යනවා ද අපායට යනවා ද කියන දේවල්, පින් පව් ගැන එහෙම මිනිස්සු එකපාරම කියන්නෙ කොහොමද කියල හිතා ගන්න හරිම අමාරුයි.. හරියට අත්දැකලා තියනවා වගේ කියන්නේ.. කවුරු හරි ඉඳන් ගිණුම් තියා ගන්නවා, කරලා තියන පින් පව්, පස්සෙ ඒ අනුව ඉපදෙන්න ඕන තැන තීරණය කරල එතනට යවනවා.. තව පව් කමා කර ගෙන ද කිය ලත් බලනවා.. එහෙම උනොත් පව් ටික අයින් කරලා දානවා.. ඇත්තටම මම නම් එහෙම තේරුම් ගන්න බැරි දේවල් විශ්වාස කරන්නේ නෑ.. තේරුම් ගන්න නම් උත්සාහ කරනවා..

මොනා උනත් උප්පැන්නයේ බෞද්ධ කියලා තියා ගෙන නිදහස් පසුබිමක ඉපදිච්ච එක නම් වාසනාවක්.. බුදු හාමුදුරුවෝ දේශනා කරලා තියනවා කියලා කියනවා නේ "කවුරු මොනා කියුවත් තමන්ට තේරෙනවා නම් විතරක් පිළිගන්න" කියලා.. නැත්නම් ආගම ගැන ප්‍රශ්න කලොත් දඬුවම් දෙන්න පුළුවන් ආගම් උනත් තියනවා නේ.. ඒ නිසා කවුරුත් තරහෙන් බලන්න එපා මේ ගැන.. තේරුම් ගන්න උත්සාහ කරන ගමනක් මේක.. ඒත් මිනිස්සු ලේබල් කරයි මාව ආගමක් නැති මනුස්සයෙක්කියලා..

Comments

Popular posts from this blog

Flow Charts

ධර්මය, ආක්‍රමණය හා යුද්ධය