මම - ගැහැණිය - ස්ත්‍රීවාදය

ගොඩක් අය හිතනවා මම ස්ත්‍රීවාදියෙක් කියලා.. තවත් සමහර අය හිතනවා පිරිමියෙක් වෙන්න යනවා කියලා.. ඒත් මට නම් හිතෙන්නේ මං නිදහස් මනුස්සයෙක් වෙන්නයි උත්සාහ කරන්නේ.. ඒ වගේම අනික් අයෙගේ නිදහස රකින්න උත්සාහ කරනවා.. අපේ සීයා පොඩි කාලේ කියලා තියනවා, "ලෝකයේ ගොඩක් භයානක ම දේ වෙන්නේ මිනිස්සු කරන වැරදි නෙවෙයි, ඒ වැරදි දැක දැකත් තියන නිහඬතාව කියලා" මේක ඇත්තටම ඇත්ත කියලා මට හිතුණු වාර අනන්තයි.. මොකද ගොඩක් අසාධාරණකම් වෙද්දී අසාධාරණයට ගොදුරු වෙච්ච අය පවා ගොලුවත රකිනවා.. පවුලේ පුරුද්දක් ද දන්නෙ නෑ, අහක බලන් යන පුරුද්දක්  නෑ වැරැද්දක් ඉස්සරහ.. ඒත් ගොඩක් ම අත්දැක්ක දෙයක් තමා ගැහැණියක වෙනුවෙන් නම් කතා කලේ ඔන්න ටක් ගාලා ලේබලේ අලවනවා ස්ත්‍රීවාදියා කියලා.. ඒත් මං කිසිම දවසක පිරිමියෙක් ද ගැහැණියක් ද ළමයෙක් ද දුප්පතෙක් ද පොහොසතෙක් ද උගතෙක් ද හාවෙක් ද කොටියෙක් ද නයෙක් ද,.... ඔහොම කිසිම දෙයක් ගැන හිතලා කතා කරන්නේ නෑ.. කාට උනත් වැරැද්දක් නම් වැරැද්දක් උනේ..

මං ලඟදි කියෙව්වා මහාචාර්යය නලින් ද සිල්වා මහතාගේ ලිපියක් ගැහැණු මනස කියලා.. ඒක ඇත්ත.. ලිංගිකත් වය, මොළයේ සැකැස්මට බල පාන්න පුළුවන්.. ඒක අද ඊයෙ කියපු දෙයක් නම් නෙවෙයි මං දන්න විදිහට.. ලිංගිකත් වය විතරක් නෙවෙයි වයස වගෙ දේවලුත් බලපානවා.. නමුත් ඒ හැමෝටම සමාන අවස්ථා තියෙන්න ඕන.. මොකද හැකියවන්, සිතුවිලි වෙනස් අය ඉන්න පුළුවන් නිසා, බාහිරව ඉඳන් ඇඟ ඇතුළෙ තියෙන්නේ පිරිමි මනසක් ද, ගැහැණු මනසක් ද, ළමා මනසක් ද, වෙන මොනාහරි වර්ගයක මනසක් ද කියලා අපිට එකපාරට කියන්න බැරි නිසා.. ඒවගේ ම මං හරිම විරුද්ධයි ගැහැණියක් නිසා, මේ දේ කරන්න දෙන්න බෑ කියන එකට.. මේ හැකියාව නැති නිසා කියලා කියන එක තමා සාධාරණත්වය කියන්නේ.. ගැහැණු අයගේ සහභාගිත්වය වැඩි කරගන්න කියලා පාර්ලිමේන්තුව හරි වෙන මොනාහරි ආයතනයක හරි මෙච්චර ප්‍රතිශතයක් ගැහැණු අය වෙන්න ඕන කියලා කියන දේවල් ඇත්තතම වැරදියි.. ඊට වඩා හැකියාවෙන් වැඩි පිරිමි කෙනෙකුගේ අවස්ථාවක් නැති වෙන්න පුළුවන්.. ඒකෙ පාඩුව විශාලයි.. වෙන්න ඕන ඒ හැකියාව තියන ඕන  කෙනෙකුට අවස්ථාව තියන එකයි..

හැම ක්ෂේස්ත්‍රයකම වගේ ඉහළම ඉන්නේ පිරිමි අය, ඉහුම් පිහුම්, මැහුම් වගේ දේවලිනුත් ඉන්නේ පිරිමි අය, බුදු වෙන්න පුලුවන් කියන්නෙත් පිරිමි කෙනෙකුට, හැම ආගමකම ශාස්තෘවරයන් වහන්සේ කෙනෙක්ම වගේ පිරිමි අය.. නමුත් ඒකෙන් කියවෙන්නෙ නෑ හැම පිරිමි කෙනාම, හැම ගැහැණු කෙනාටම වඩා හැකියාවෙන් වැඩී කියලා.. සාමාන්‍ය පිරිමි කෙනෙකුගේ ශක්තිය, බුද්ධිය, එකාග්‍රතාවය, ....., සාමන්‍ය ගැහැණු කෙනෙකුට වඩා වැඩී කියන එක තමා නිවැරදි.. ඒත් බුද්ධිමතුන් ඉන්න විශ්වවිද්‍යාලයක පවා කියනවා ගැහැණියක් නිසා බෑ කියලා.. ඒක තර්කානුකූල හා සාධාරණ වෙන්නේ නෑ.. ඔන්න ඉතින් ආයේ කියනවා, මං ස්ත්‍රීවාදියෙක්ලූ.. 



Comments

Popular posts from this blog

Flow Charts

ධර්මය, ආක්‍රමණය හා යුද්ධය

ආගමක් නැති මනුස්සයෙක්