අපි නිවට ජාතියක් ද?

දවසක් ඒවි සිංහල කියන වචනය ඉතිහාසයට එක් වෙන, ශ්‍රී ලංකාව කියලා රටක් නැති වෙන, මුස්ලිම් රටක් හරි, ඉන්දියාවෙම දූපතක් වේවි සමහර විට..

ඒකට හේතුව අපි නිවට ජාතියක් වීම ද? සමහර විට වෙන්න ඇති..

ඒත් බෞද්ධ මිනිස්සු තරම් ඉවසපු ජාතියක් තවත් නැතුව ඇති.. මුස්ලිම්වරු හාමුදුරුවරුන්ගෙ ලෙයින් ගංගා නදිය රත් ගැන්වුවා.. නමුත් පෙරළා පලි ගත්තේ නෑ.. දැන් ඉන්දියාවේ බෞද්ධයන් එතරම් නැති උනත්, ඒ හිටපු බෞද්ධයින් සැබෑම බෞද්ධයින් වෙන්න ඕන..

පෘතුගිසීන්, ලන්දේසීන් ලංකාව ආක්‍රමණය කරනකොට සාමන්‍ය මිනිස්සුන්ව ම්ලෙඡවිදිහට මරලා දැන්මා.. ගැහැණු, දරුවන් කියා වෙනසක් නැතිව ගම් වලට කඩා පැනලා කඩුවලින් කපලා කොටලා ගියා..  ඒ අය තුවක්කුවෙන් සටන් කරද්දි අපි දුනු ඊතල වලින් හරි සටන් කලා.. දින්නා පැරදුනා, ඒත් දිගටම සටන් කලා.. එහෙම කලේ නැවතත් රට බේරගන්න මිසක් වෛරයකින් නම් වෙන්න විදිහක් නෑ.. මොකද පෘතිගීසීන්ට ගහලා ලන්දේසීන් රට අල්ලගත්තාම පෘතුගීසී පූජකවරුන්ව පන්සලෙ හංගගෙන බේර ගත්තේ.. ලන්දේසීන්ට ගහලා ඉංග්‍රීසීන් අල්ලගන්නකොටත් එහෙමයි.. හතුරාටත් උදව් කරපු ජාතියක් මේක.. ඒ ක අපේ නිවට කමද මොකක්ද කියන්න මං දන්නේ නෑ..

ඒත් අපි සටන් නොකරපු ජාතියක් නෙවෙයි.. ඉතිහාසයේ දරුණුතම පරාජය ඉංග්‍රීසින්ට, පෘතුගීසීන්ට අත් වුනේ ලංකාවෙදි.. ආයුධ නැතුව සටන් කරන්න පුළුවන්, ජිවිත හානියක් නැතුව හතුරව මෙල්ල කරන්න පුළුවන් සටන් ක්‍රම තිබ්බ රටක්..

අපි වෛර කරපු ජාතියක් නෙවේයි.. ඇසට ඇසක් ගත්ත ජාතියකුත් නෙවෙයි..

ගෞරවාන්විතව සටන් කරන හැටි ලෝකයටම පෙන්නපු රටක් අපි.. තමන්ගේ ජිවිතයෙන් හරි වෙන කෙනෙක් වෙනුවෙන් මැරෙන්න උනත් එඩිතර ජාතියක් අපි.. හතුරාටත් ප්‍රේම කරන්න පුලුවන් ජාතියක් අපි..

මට ආඩම්බරයි මේ රට ගැන..

photo taken from: https://www.demilked.com/magazine/wp-content/uploads/2014/10/guns-flowers-vintage-photos-collage-art-blick-fb.jpg

Comments

Popular posts from this blog

Flow Charts

ධර්මය, ආක්‍රමණය හා යුද්ධය

ආගමක් නැති මනුස්සයෙක්