Posts

ලෝගුව නොමැති උපාධිය

Image
රැයක් දවාලක් නැතුව රටේ ලෝකෙ වෙන දෙයක් දන්නෙ නැතුව පරිගණකයට මුවා වෙලා මගේ වගේ ම මාත් එක්ක වැඩ කරන හැමගෙ ම ආර්ථිකය ගොඩ දාන්න මහන්සි වෙවී ඉන්න කොට, අපේ විශ්වවිද්‍යාලයේ කුලපති තුමා මාරු වෙච්ච බව මම දැන ගත්තේ විශ්වවිද්‍යාල උපාධි ප්‍රදානෝත්සවයට යෑම ගැන මිතුරෙක් සමග කතාවක දී.. ඊට පස්සේ මම පොඩ්ඩක් සොයා බැලුවා මේ අලුත් කුලපති තුමාගේ පත් වීම ගැන..   විශ්ව විද්‍යාලයේ විවිධ පීඨ වලින් නිකුත් කරපු ලිපි වලින් කියවුණේ මේ පත් වීමට තිබුණු අප්‍රසාදයයි. නව කුලපති තුමාට විශ්වවිද්‍යාල අත්දැකීමක් ශිෂ්‍යයෙක් විදිහට හෝ කථිකාචාර්යය කෙනෙකු ලෙස හෝ තිබෙන බවට අන්තර්ජාලයෙන් නම් මට සොයා ගන්න බැරි උනා.. නව කුලපති තුමාට ශාස්ත්‍රීය දැක්මක් හෝ පදනමක් තිබෙන අයෙක් නොවේ ය යන්න කුලපති තුමාගේ පත්වීම ගැන අදහස් විමසන මාධ්‍ය සාකච්ඡාවක් නැරඹූ පසු මට ඒත්තු ගියා.. මෙම පත්වීම ව්‍යවස්ථාවට පටහැණි නොවුනත් නුසුදුසු පුද්ගලයෙක් එම තනතුරට පත් කිරීම ගැනත්, එම තනතුරට තමන් සුදුසු හෝ නුසුදුසු බව නො දැන භාර ගැනීමත් යන කාරණා ගැන මට ඇතිවුනේ දැඩි අප්‍රසාදයක්..    උපාධි ප්‍රදානෝත්සවය 18, අලුත් කුලපති තුමා වැඩ භාර ගන්නේ 17. ඒ කියන්නේ උපාධි ප්‍රද

දකී අවැසි දේ

Image
https://www.metoffice.gov.uk/binaries/content/gallery/metofficegovuk/hero-images/weather/cloud/cirrus-hooks.jpg සිතුවම් කරයි අහසේ වළාවන් ලොවටම විඳින්න ආරාධනා නොනවතින සිතුවම් අතරේ දකී අවැසි දේ බඹරු ඇහැරී මල් සිනැහේ සැනසුම් සුසුම් හෙළයි සිව් පා විහඟ දෙමාපියන් අවුරුදු දවසේ සිතුවම් කරයි.. අහෝ දුකකි කඳුලු සලයි කිරි බතක් දෙන්න නැතිව හද ගිනි දැවෙන මා පියන් අවුරුදු දවසේ

මම ____ උනානම් !!

Image
වෛරයත් ආදරයත් ඇති වෙන්නේ එකම හදවතේ.. මේ ගැන හිතන්න හිතන්න සිතිවිලි සංකීර්ණ වෙනවා.. තෝරබේර ගන්න බැරි උනත් මේ සිතුවිලි අතර අතරමං වෙන ගොඩක් අය ඉන්නවා ඇති.. එක්තරා කාලෙක අපි හරී කියලා හිතුනු දෙයක් දැන් වැරදි වෙන්නත්, වැරදී කියල හිතුනු දේවල් හරී වෙන්නත් පුළුවන්.. අත්දැකීම් අපිව වෙනස් කරනවා.. නමුත් අත්දැකීම් වලින් අපි මුලාවෙන තැන් ගොඩක් තියනවා.. ඒ අනෙක් කෙනාගේ අත්දැකීම ගැන අපි නොසිතන නිසා.. පොඩි කාලේ අපි රචනා ලියනවා මම ගසක් උනානම්, මලක් උනානම්, වගේ දේවල් ගැන.. අපිට බැරිද හිතන්න මම සිංහලයෙක් උනානම්, මුස්ලිම් කෙනෙක් උනානම්, දෙමළ කෙනෙක් උනානම් එහෙමත් නැත්නම් ගැහැණියක් පිරිමියෙක් උනානම්, බල්ලෙක්, කුකුළෙක්, ගොනෙක් උනානම් කියලා.. අපි එහෙම හිතන්න කැමති නෑ.. එක්කො ඒ ගැන එහෙම හිතන්න බයයි.. අපි කුකුළෙක් විදිහට හිතුවොත් අපිට කුකුළ කන්න හිතට ඉඩ දෙන්නෙ නැති හැඟීම පීඩාකාරී නිසා.. දෙමළ විදිහට හිතුවොත් අපිටත් අපේ කියල දෙයක් ඕනේ කියලා ඉඩ දෙන්න ඕන සිතිවිල්ල නිසා.. ගැහැණියක් විදිහට හිතුවොත් ඇයගෙ කැපවීම් වලට ස්තූතියි කර නිමක් නැති නිසා.. පිරිමියෙක් විදිහට හිතුවොත් ඔහුගෙ මහන්සිය, වගකීම් වල ආතතිය සිතාගත නො

අපි නිවට ජාතියක් ද?

Image
දවසක් ඒවි සිංහල කියන වචනය ඉතිහාසයට එක් වෙන, ශ්‍රී ලංකාව කියලා රටක් නැති වෙන, මුස්ලිම් රටක් හරි, ඉන්දියාවෙම දූපතක් වේවි සමහර විට.. ඒකට හේතුව අපි නිවට ජාතියක් වීම ද? සමහර විට වෙන්න ඇති.. ඒත් බෞද්ධ මිනිස්සු තරම් ඉවසපු ජාතියක් තවත් නැතුව ඇති.. මුස්ලිම්වරු හාමුදුරුවරුන්ගෙ ලෙයින් ගංගා නදිය රත් ගැන්වුවා.. නමුත් පෙරළා පලි ගත්තේ නෑ.. දැන් ඉන්දියාවේ බෞද්ධයන් එතරම් නැති උනත්, ඒ හිටපු බෞද්ධයින් සැබෑම බෞද්ධයින් වෙන්න ඕන.. පෘතුගිසීන්, ලන්දේසීන් ලංකාව ආක්‍රමණය කරනකොට සාමන්‍ය මිනිස්සුන්ව ම්ලෙඡවිදිහට මරලා දැන්මා.. ගැහැණු, දරුවන් කියා වෙනසක් නැතිව ගම් වලට කඩා පැනලා කඩුවලින් කපලා කොටලා ගියා..  ඒ අය තුවක්කුවෙන් සටන් කරද්දි අපි දුනු ඊතල වලින් හරි සටන් කලා.. දින්නා පැරදුනා, ඒත් දිගටම සටන් කලා.. එහෙම කලේ නැවතත් රට බේරගන්න මිසක් වෛරයකින් නම් වෙන්න විදිහක් නෑ.. මොකද පෘතිගීසීන්ට ගහලා ලන්දේසීන් රට අල්ලගත්තාම පෘතුගීසී පූජකවරුන්ව පන්සලෙ හංගගෙන බේර ගත්තේ.. ලන්දේසීන්ට ගහලා ඉංග්‍රීසීන් අල්ලගන්නකොටත් එහෙමයි.. හතුරාටත් උදව් කරපු ජාතියක් මේක.. ඒ ක අපේ නිවට කමද මොකක්ද කියන්න මං දන්නේ නෑ.. ඒත් අපි සටන් නොකරපු ජාති

මම - ගැහැණිය - ස්ත්‍රීවාදය

Image
ගොඩක් අය හිතනවා මම ස්ත්‍රීවාදියෙක් කියලා.. තවත් සමහර අය හිතනවා පිරිමියෙක් වෙන්න යනවා කියලා.. ඒත් මට නම් හිතෙන්නේ මං නිදහස් මනුස්සයෙක් වෙන්නයි උත්සාහ කරන්නේ.. ඒ වගේම අනික් අයෙගේ නිදහස රකින්න උත්සාහ කරනවා.. අපේ සීයා පොඩි කාලේ කියලා තියනවා , " ලෝකයේ ගොඩක් භයානක ම දේ වෙන්නේ මිනිස්සු කරන වැරදි නෙවෙයි , ඒ වැරදි දැක දැකත් තියන නිහඬතාව කියලා" මේක ඇත්තටම ඇත්ත කියලා මට හිතුණු වාර අනන්තයි.. මොකද ගොඩක් අසාධාරණකම් වෙද්දී අසාධාරණයට ගොදුරු වෙච්ච අය පවා ගොලුවත රකිනවා.. පවුලේ පුරුද්දක් ද දන්නෙ නෑ , අහක බලන් යන පුරුද්දක්  නෑ වැරැද්දක් ඉස්සරහ.. ඒත් ගොඩක් ම අත්දැක්ක දෙයක් තමා ගැහැණියක වෙනුවෙන් නම් කතා කලේ ඔන්න ටක් ගාලා ලේබලේ අලවනවා ස්ත්‍රීවාදියා කියලා.. ඒත් මං කිසිම දවසක පිරිමියෙක් ද ගැහැණියක් ද ළමයෙක් ද දුප්පතෙක් ද පොහොසතෙක් ද උගතෙක් ද හාවෙක් ද කොටියෙක් ද නයෙක් ද ,.... ඔහොම කිසිම දෙයක් ගැන හිතලා කතා කරන්නේ නෑ.. කාට උනත් වැරැද්දක් නම් වැරැද්දක් උනේ.. මං ලඟදි කියෙව්වා මහාචාර්යය නලින් ද සිල්වා මහතාගේ ලිපියක් ගැහැණු මනස කියලා.. ඒක ඇත්ත.. ලිංගිකත් වය , මොළයේ සැකැස්මට බල පාන්න පුළුවන්.. ඒක අද ඊය

ආගමක් නැති මනුස්සයෙක්

Image
ආගම කියල කියන්නෙ ගොඩක් අය කතා කරනවාට අකමැති දෙයක්.. මොකද කෙනෙක් "මෙතන අල්ලන්න එපා තීන්ත ගාලා තියෙන්නේ කියුවොත් අල්ලලා ම බලනවා ඇත්තද කියලා ඒත් කවුරු හරි ලෝකේ මවල තියනවා කියුවොත් එක පාරම පිළිගන්නවා" ඒක ගැන හිතත් එක්ක තර්ක කරන්න හිතන්නෙ නෑ.. සමහර විට ඒ පොඩි කාලේ ඉඳල ම ඒ ගැන කියපු නිසා වෙන්න ඇති.. ඒත් සුරංඟනා කථා පස්සෙ බොරු කියලා හිතද්දී ආගම ගැන හිතන්නෙ නැති වෙන්න හේතුව හිතා ගන්න අමාරුයි.. තමන්ගේ උප්පැන්නයේ තියන ආගම තමා ලෝකෙ තියන හරි ආගම කියලා ගොඩක් අය හිතනවා. නැත්නම් අම්ම තාත්තා හරි වටේ ඉන්න අනික් අය කියපු නිසා ඒක තමා හරී කියල හිතනවා.. ඒත් වෙන කෙනෙකුත් හිතනවා නම් වෙන දෙයක් තමා හරී කියලා ඒ ගැන හිතලා බලන්න ඕන කියලයි මට හිතෙන්නේ.. ඇරත්  ඉතිහාසයේ එන දේවල් වෙනස් වෙන්න පුළුවන් , වෙනස් කරන්න පුළුවන්..  අපට තියෙන්නෙ සාධක විතරයි .. මට දවසක් යාළුවෙක් කියුවා බුදු හාමුදුරුවන්ට කැමති නෑ කියලා.. මං ඇයි කියලා ඇහුවා ම කියුවා ඔක්කොම දන්නවා කියල හිතන් ඉන්නෙ ඒ නිසා කැමති නෑ කියලා.. මගේ උත්තරය උනේ "හැමදේම දන්නවා කියන්නෙ හැමදේ කම මූලය දන්නවා කියන එකටනේ" කියන එකයි.. උප්පැන්නයේ බෞද්

ගලන ජලය

Image
දහවල් උණුසුමත් රැයෙහි සීතලත් අරගෙන යන ගලන ජලය තැනිතලා නිම්න ගල්පර අතරින් නොනැවතී යන ගලන ජලය උස් පහත් බිම් සමාන කරන්නට වෙර දරන ගලන ජලය ගස්වැල් සතුන් කලු සුදු සැමගේ පහස නිවන ගලන ජලය පොළොවෙන් ඉපද මතකය පොඳි බැඳ මුහුද වෙතට ගලන ජලය