Posts

Showing posts from 2016

ම්ලේච්ඡත්වය

Image
කුකුළගෙ අණ්ඩ මට ඕන , ඌරු මස් එකේ රස.. ඔය වගේ එක එක කතා අපට නිතර ඇහෙන දේවල් , ගොඩක් අය කන තැන් වල.. මට දැන් අවුරුදු 20 ක් වෙලත් මට හිතා ගන්න බෑ මෙච්චර කල් මං කොහොමද මෙහෙම දේවල් කියුවේ කෑවේ කියලා.. මං දැනන් හිටියනෙ සත්තු මරලයි මෙහෙම කෑම එකට එන්නෙ කියලා.. මං අහල තිබ්බනෙ සත්තුන්ට කරන කරදර මේවගෙ මරන සහ ගොවිපලවල් වල.. එහෙම දැන දැනත් මං කොහොමද මෙච්චරකල් කෑවෙ කියල මට හිතාගන්න බෑ.. මං ඉස්සර කිරි චීස් වලට ගොඩක් ආස කලා.. අම්ම කිය කියත් හිටියා කිරි කාරයෙකුට බන්දලා දුන්නනං හරී කියලා.. ඒත් මට දැන් ගොඩාක් කලකිරෙනවා මං එහෙම දැන දැනත් ඒවට ආස කරපු එකට.. ඒක රසට ඇබ්බැහි වීමක් වෙන්න ඕන.. ඒත් මනුස්සයෙක් විදිහට එහෙම සතෙකුට හිංසා කරලා මරලා ගත්තු කෑම ඒ විදිහට කන එක ම්ලේච්ච වැඩක් විදිහටයි මට දැන් හිතෙන්නේ.. එච්චර දරුණු දේවල් මිනිස්සු ඇඟට නොදැනීම කරන එක මේ සමාජයේ වෙළඳ ලාබ අරමුණු කරගෙන කඩ කාරයන් විසින් ටිකෙන් ටික ඇති කරපු දෙයක් වෙන්න ඕන.. මොකද ඉස්සර මිනිස්සු සතුන් දඩයම් කලත් ඒ සත්තුන්ට ගොඩාක් ආදරය කලා.. එයාලගේ මරණයට නිසි ගෞරවය දුන්නා.. හැමෝම එහෙම නෑ.. මිනී මස් කන එහෙම ගෝත්‍රත් තිබිල තියනවනෙ.. ඒත් අපි එහෙම ම්ලේ

විශ්වාසය

Image
විශ්වාසය කියන්නෙ යමක් සත්‍ය ලෙස පිළිගැනීම නැත්නම් සැක රහිත බව කියන එකටයි.. කෙනෙක්ට තව කෙනෙක්ව විශ්වාස කරන්නනම් ඒකට තමන්ට තමන්ගෙ ශක්තිය ගැන ලොකු විශ්වාසයක් ඕන.. මොකද කෙනෙක්ව විශ්වාස කරන්න ගොඩක් අය මැලි වෙන්නේ ඒ විශ්වාසය කඩ කලොත් මුහුණ දෙන්න වෙන දේවල් නිසානේ.. මට නම් හිතෙන්නෙ කෙනෙක්ව සැක කරල උදව්වක්වත් වෙන දෙයක් නොකරන ඉන්න වේදනාව, විශ්වාස කරල ඒක හදිස්සියෙන්වත් කඩ උනොත් වෙන වේදනාවට වඩා වැඩී කියලයි.. මොකද විශ්වාසය කියන්නෙ හරිම සියුම් දෙයක්.. ගොඩක් හේතු නිසා විශ්වාසය කියන එක සමාජයේ භයානක දෙයක් වෙලා.. ඒත් අනෙක් අයව විශ්වාස කරන්න පුළුවන් තරමට අපිට කරන්න පුලුවන් දේවලුත් ගොඩක් වැඩී.. හැම තිස්සෙම සැකයෙන් හැමෝම දිහා බැලුවොත් අපිට ඇත්තටම කාමරයෙන් එලියටවත් යන්න බැරි තරම් සැක හිතන දේවල් සමාජයේ වෙනවා..  ඒත් විශ්වාසය කියන දේ එක එක දේවල් වලදි වෙනස් වෙනවා.. බැඳපු නැති ජෝඩුවක පිරිමි කෙනා ගැහැනු කෙනාගෙ විශ්වාසය ප්‍රයෝජනයට අරගෙන නරක විදිහට හැසිරුනොත් එක් වැරදී.. එහෙම විශ්වාස කිරීම නම් මෝඩ කමක්.. හැබැයි එහෙම බැලුවොත් එතන ඇත්තම ආදරයකුත් නෑ.. ඒත් මොනා උනත් තමන් ජීවත් වෙන වටපිටාවට අසීමිතව ආදරය කරන්න පුලු

සුදු සුළඟ

Image
http://favim.com වේදනා, සතුටු සුසුමන් මුසු වුන සුළඟ ඉඳ හිට තරහත් ගන්නා දැඩි සුළඟ මගේ ලඟටත් ඇවිදින් මුදු සුළඟ මගේ දුකත් අරගෙන යනවද සුදු සුළඟ කරදිය මිරිදිය දෙකෙහිම රැලි මවනා සුළඟ කාගෙත් දහඩිය බිඳු සිඳුවන සුළඟ වෙනසක් නැතිව දඩුවන් දෙන රලු සුළඟ කාටත් සෙනෙහස වපුරයි මගේ සුදු සුළඟ ගස් වැල් තාලෙට නටවන සුළඟ හැම පැනයටම පිළිතුරු දෙන සුළඟ මිතුරෙක් නැති විට් මිතුරෙක් වූ සුළඟ අද නැත්තේ අමනාපද ඔබ සුදු සුළඟ

ආදරය

Image
ආදරේ කිව්වාම මුලින්ම මතක් වෙන්නෙ පෙම්වතියක් පෙම්වතෙක් ලඟ තියන ආදරයයි..  නැත්තම් අම්මගෙ තාත්තගෙ ආදරයයි.. මට නම් හිතෙන්නේ ආදරය කියන දේ එකයි.. එක එක්කෙනාට ඒක පෙන්නන විදිහ, ප්‍රමුඛත්වය දෙන විදිහ, සහ එයාගෙන් ආපහු බලාපොරොත්තු වෙන දේවල් වලයි වෙනස තියෙන්නේ.. පෙම්වතියක් පෙම්වතෙක් එකිනෙකාගෙන් බලාපොරොත්තු වෙන දේ නෙවෙයි යාලුවන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ.. එයාල ලඟ තියෙන්නෙ රාගය මුසු ආදරයක්..    ඒත් යාලුවෙක්ට ජීවිතයම උනත් දෙන්න පුලුවන් තරමට ආදරය කරන්න පුලුවන්..  අම්මගේ තාත්තගෙ ආදරේ විශේෂ වෙන්නේ එයාල කිසිම දෙයක් බලාපොරොත්තු නොවී ආදරය දෙන එකෙයි.. එයාලගෙ ජීවිතේ මූලිකම අරමුණ අපි වෙන නිසයි.. අම්ම තාත්තා නැතිව ඒ තැන ගත්ත සහෝදරයෙක්ට සහෝදරියකට සමහර වෙලාවට අම්ම තාත්තාගෙ ආදරයම දෙන්න පුලුවන්.. දරුවෙක් හදාගන්න ගත්ත අම්ම කෙනෙකුත් තමන්ම වදපු දරුවෙක් ඉන්න අම්ම කෙනෙකුගෙත් දරුවට තියන ආදරේ වෙනසක් දකින්න නොවෙන්න පුලුවන්.. ඒ නිසා ආදරේ සීමා කරන්න බෑ තියන සම්බන්ධතා අනුව.. අක්කා ආදරේ මෙච්චරයි.. යාලුවට ආදරේ මෙච්චරයි කියලා.. සමහර වෙලාවට කෑමක් බෙදාගත්ත නැති උනත් ඕනම කරදරයක බේරගන්න යාලුවෝ සහෝදර සහෝදරියෝ ඉන්න පුලුවන්..

Recursion

Image
recursion rɪˈkəːʃ(ə)n/ noun MATHEMATICS LINGUISTICS noun:  recursion the repeated application of a recursive procedure or definition. a recursive definition. plural noun:  recursions Basically recursion is doing something repeatedly. In programming recursion is an act of calling itself in the function/ method scope. Think of a program where you want to count down from any given number. As an example if we input 10 then it should count from 3 to 0. We can do this using a recursive function. class Recursion{     public static void main(String args[]){   count(3); } public static void count(int n){ System.out.println(n); count(n-1);   } } The function/method count, prints n taken as its parameter and call the count method again. The output will be: 3 2 1 0 -1 -2 -3 -4 -5 ... ..- ... The method call itself recursively, so that there will be no end. It creates infinite calls and ult

ධර්මය, ආක්‍රමණය හා යුද්ධය

"ධර්මය අපව යුද්ධය සඳහා නොකැඳවයි.. ආක්‍රමණිකයා ද අපව යුද්ධය සඳහා නොකැඳවයි.. නමුත් ධර්මය අපව යුද්ධය සඳහා නොකැඳවීමෙන් ධර්මයෙහි ශ්‍රේෂ්ඨත්වය පතුරවයි..  ආක්‍රමණිකයා අපව යුද්ධය කරා නොකැඳවීමෙන් එම ආක්‍රමණය නූපන් පරම්පරා දක්වා වපුරවයි..  එයින් නූපන් පරම්පරාවට ධර්මය අහිමි කරයි..  එය රැකගැනීමට මා ගන්නා ව්‍යායාමයට පවසන්නේ යුද්ධය නම් ඒ ඇර මා කුමක් කරන්න ද "                                                - ගැමුණු අභය ["මහරජ ගැමුණු" චිත්‍රපටිය ඇසුරෙන්] යම් රට ක යම් ධර්මයක් රැක ගන්නවා නම් එම රටේ එම ධර්මය, සංස්කෘතිය රැක ගැනීම සියලු මිනිසුන්ගේ වගකීමක්.. තමන් මොන ආගමක මොන ධර්මයක් ඇදහුවත් එම රටට ආවේනික දේ රැකගත් යුතුමයි.. මොකද හැම ධර්මයකටම තියනවා එය රැක ගන්න මිනිසුන් කැපවෙන රටක්.. තමන් විශ්වාස කරන ධර්මය තමා තියන එකම නිවැරදි ධර්මය කියලා අනික් හැම ධර්මයක්ම විනාස කරල තමන්ගේ ධර්මය පැතිරවීම වැරදී.. ධර්මය සහ එම දැනුම අනිවාර්යෙන්ම ඉදිරි පරම්පරාවල් වලට දැනගන්න, ඒක රැකගන්නම ඕන.. ඒ රැකගන්න ධර්මයටම එපිටින් ගිහින් ඒක රැකගන්න මිනිසුන් සටන් කරන එක වැරදි නෑ.. මොකද එහෙම කලින් පරම්පරා

නිදහස් අධ්‍යාපනය

පෞද්ගලික විශ්වවිද්‍යාල වලට යන අයට රජයේ විශ්වවිද්‍යාලයේ උප සංස්කෘතිය නොතේරෙනව වගේම රජයේ විශ්වවිද්‍යාලවලට යන අයට පෞද්ගලික විශ්වවිද්‍යාල වලට යන ළමයින්ගෙ දුක වෙහෙස තේරෙන්නෙත් නෑ.. සටන් කරන්න ඕන හැමෝගෙම ඉගනගන්න තියන අධ්‍යාපනයට ඇති නිදහස රැකගන්න මිස සල්ලි වලට ඉගෙන ගන්න ළමයින්ට ඩෙග්‍රී කඩ කියල ගරහන එකවත්, නොමිලේ ඉගෙන ගන්න අවස්තාව ලැබුනු ළමයින්ට මිදි තිත්තයි කියන එකවත් නෙවෙයි..