Posts

Showing posts from April, 2017

මම - ගැහැණිය - ස්ත්‍රීවාදය

Image
ගොඩක් අය හිතනවා මම ස්ත්‍රීවාදියෙක් කියලා.. තවත් සමහර අය හිතනවා පිරිමියෙක් වෙන්න යනවා කියලා.. ඒත් මට නම් හිතෙන්නේ මං නිදහස් මනුස්සයෙක් වෙන්නයි උත්සාහ කරන්නේ.. ඒ වගේම අනික් අයෙගේ නිදහස රකින්න උත්සාහ කරනවා.. අපේ සීයා පොඩි කාලේ කියලා තියනවා , " ලෝකයේ ගොඩක් භයානක ම දේ වෙන්නේ මිනිස්සු කරන වැරදි නෙවෙයි , ඒ වැරදි දැක දැකත් තියන නිහඬතාව කියලා" මේක ඇත්තටම ඇත්ත කියලා මට හිතුණු වාර අනන්තයි.. මොකද ගොඩක් අසාධාරණකම් වෙද්දී අසාධාරණයට ගොදුරු වෙච්ච අය පවා ගොලුවත රකිනවා.. පවුලේ පුරුද්දක් ද දන්නෙ නෑ , අහක බලන් යන පුරුද්දක්  නෑ වැරැද්දක් ඉස්සරහ.. ඒත් ගොඩක් ම අත්දැක්ක දෙයක් තමා ගැහැණියක වෙනුවෙන් නම් කතා කලේ ඔන්න ටක් ගාලා ලේබලේ අලවනවා ස්ත්‍රීවාදියා කියලා.. ඒත් මං කිසිම දවසක පිරිමියෙක් ද ගැහැණියක් ද ළමයෙක් ද දුප්පතෙක් ද පොහොසතෙක් ද උගතෙක් ද හාවෙක් ද කොටියෙක් ද නයෙක් ද ,.... ඔහොම කිසිම දෙයක් ගැන හිතලා කතා කරන්නේ නෑ.. කාට උනත් වැරැද්දක් නම් වැරැද්දක් උනේ.. මං ලඟදි කියෙව්වා මහාචාර්යය නලින් ද සිල්වා මහතාගේ ලිපියක් ගැහැණු මනස කියලා.. ඒක ඇත්ත.. ලිංගිකත් වය , මොළයේ සැකැස්මට බල පාන්න පුළුවන්.. ඒක අද ඊය

ආගමක් නැති මනුස්සයෙක්

Image
ආගම කියල කියන්නෙ ගොඩක් අය කතා කරනවාට අකමැති දෙයක්.. මොකද කෙනෙක් "මෙතන අල්ලන්න එපා තීන්ත ගාලා තියෙන්නේ කියුවොත් අල්ලලා ම බලනවා ඇත්තද කියලා ඒත් කවුරු හරි ලෝකේ මවල තියනවා කියුවොත් එක පාරම පිළිගන්නවා" ඒක ගැන හිතත් එක්ක තර්ක කරන්න හිතන්නෙ නෑ.. සමහර විට ඒ පොඩි කාලේ ඉඳල ම ඒ ගැන කියපු නිසා වෙන්න ඇති.. ඒත් සුරංඟනා කථා පස්සෙ බොරු කියලා හිතද්දී ආගම ගැන හිතන්නෙ නැති වෙන්න හේතුව හිතා ගන්න අමාරුයි.. තමන්ගේ උප්පැන්නයේ තියන ආගම තමා ලෝකෙ තියන හරි ආගම කියලා ගොඩක් අය හිතනවා. නැත්නම් අම්ම තාත්තා හරි වටේ ඉන්න අනික් අය කියපු නිසා ඒක තමා හරී කියල හිතනවා.. ඒත් වෙන කෙනෙකුත් හිතනවා නම් වෙන දෙයක් තමා හරී කියලා ඒ ගැන හිතලා බලන්න ඕන කියලයි මට හිතෙන්නේ.. ඇරත්  ඉතිහාසයේ එන දේවල් වෙනස් වෙන්න පුළුවන් , වෙනස් කරන්න පුළුවන්..  අපට තියෙන්නෙ සාධක විතරයි .. මට දවසක් යාළුවෙක් කියුවා බුදු හාමුදුරුවන්ට කැමති නෑ කියලා.. මං ඇයි කියලා ඇහුවා ම කියුවා ඔක්කොම දන්නවා කියල හිතන් ඉන්නෙ ඒ නිසා කැමති නෑ කියලා.. මගේ උත්තරය උනේ "හැමදේම දන්නවා කියන්නෙ හැමදේ කම මූලය දන්නවා කියන එකටනේ" කියන එකයි.. උප්පැන්නයේ බෞද්