Posts

Showing posts from June, 2016

සුදු සුළඟ

Image
http://favim.com වේදනා, සතුටු සුසුමන් මුසු වුන සුළඟ ඉඳ හිට තරහත් ගන්නා දැඩි සුළඟ මගේ ලඟටත් ඇවිදින් මුදු සුළඟ මගේ දුකත් අරගෙන යනවද සුදු සුළඟ කරදිය මිරිදිය දෙකෙහිම රැලි මවනා සුළඟ කාගෙත් දහඩිය බිඳු සිඳුවන සුළඟ වෙනසක් නැතිව දඩුවන් දෙන රලු සුළඟ කාටත් සෙනෙහස වපුරයි මගේ සුදු සුළඟ ගස් වැල් තාලෙට නටවන සුළඟ හැම පැනයටම පිළිතුරු දෙන සුළඟ මිතුරෙක් නැති විට් මිතුරෙක් වූ සුළඟ අද නැත්තේ අමනාපද ඔබ සුදු සුළඟ

ආදරය

Image
ආදරේ කිව්වාම මුලින්ම මතක් වෙන්නෙ පෙම්වතියක් පෙම්වතෙක් ලඟ තියන ආදරයයි..  නැත්තම් අම්මගෙ තාත්තගෙ ආදරයයි.. මට නම් හිතෙන්නේ ආදරය කියන දේ එකයි.. එක එක්කෙනාට ඒක පෙන්නන විදිහ, ප්‍රමුඛත්වය දෙන විදිහ, සහ එයාගෙන් ආපහු බලාපොරොත්තු වෙන දේවල් වලයි වෙනස තියෙන්නේ.. පෙම්වතියක් පෙම්වතෙක් එකිනෙකාගෙන් බලාපොරොත්තු වෙන දේ නෙවෙයි යාලුවන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ.. එයාල ලඟ තියෙන්නෙ රාගය මුසු ආදරයක්..    ඒත් යාලුවෙක්ට ජීවිතයම උනත් දෙන්න පුලුවන් තරමට ආදරය කරන්න පුලුවන්..  අම්මගේ තාත්තගෙ ආදරේ විශේෂ වෙන්නේ එයාල කිසිම දෙයක් බලාපොරොත්තු නොවී ආදරය දෙන එකෙයි.. එයාලගෙ ජීවිතේ මූලිකම අරමුණ අපි වෙන නිසයි.. අම්ම තාත්තා නැතිව ඒ තැන ගත්ත සහෝදරයෙක්ට සහෝදරියකට සමහර වෙලාවට අම්ම තාත්තාගෙ ආදරයම දෙන්න පුලුවන්.. දරුවෙක් හදාගන්න ගත්ත අම්ම කෙනෙකුත් තමන්ම වදපු දරුවෙක් ඉන්න අම්ම කෙනෙකුගෙත් දරුවට තියන ආදරේ වෙනසක් දකින්න නොවෙන්න පුලුවන්.. ඒ නිසා ආදරේ සීමා කරන්න බෑ තියන සම්බන්ධතා අනුව.. අක්කා ආදරේ මෙච්චරයි.. යාලුවට ආදරේ මෙච්චරයි කියලා.. සමහර වෙලාවට කෑමක් බෙදාගත්ත නැති උනත් ඕනම කරදරයක බේරගන්න යාලුවෝ සහෝදර සහෝදරියෝ ඉන්න පුලුවන්..