Posts

Showing posts from December, 2021

ලෝගුව නොමැති උපාධිය

Image
රැයක් දවාලක් නැතුව රටේ ලෝකෙ වෙන දෙයක් දන්නෙ නැතුව පරිගණකයට මුවා වෙලා මගේ වගේ ම මාත් එක්ක වැඩ කරන හැමගෙ ම ආර්ථිකය ගොඩ දාන්න මහන්සි වෙවී ඉන්න කොට, අපේ විශ්වවිද්‍යාලයේ කුලපති තුමා මාරු වෙච්ච බව මම දැන ගත්තේ විශ්වවිද්‍යාල උපාධි ප්‍රදානෝත්සවයට යෑම ගැන මිතුරෙක් සමග කතාවක දී.. ඊට පස්සේ මම පොඩ්ඩක් සොයා බැලුවා මේ අලුත් කුලපති තුමාගේ පත් වීම ගැන..   විශ්ව විද්‍යාලයේ විවිධ පීඨ වලින් නිකුත් කරපු ලිපි වලින් කියවුණේ මේ පත් වීමට තිබුණු අප්‍රසාදයයි. නව කුලපති තුමාට විශ්වවිද්‍යාල අත්දැකීමක් ශිෂ්‍යයෙක් විදිහට හෝ කථිකාචාර්යය කෙනෙකු ලෙස හෝ තිබෙන බවට අන්තර්ජාලයෙන් නම් මට සොයා ගන්න බැරි උනා.. නව කුලපති තුමාට ශාස්ත්‍රීය දැක්මක් හෝ පදනමක් තිබෙන අයෙක් නොවේ ය යන්න කුලපති තුමාගේ පත්වීම ගැන අදහස් විමසන මාධ්‍ය සාකච්ඡාවක් නැරඹූ පසු මට ඒත්තු ගියා.. මෙම පත්වීම ව්‍යවස්ථාවට පටහැණි නොවුනත් නුසුදුසු පුද්ගලයෙක් එම තනතුරට පත් කිරීම ගැනත්, එම තනතුරට තමන් සුදුසු හෝ නුසුදුසු බව නො දැන භාර ගැනීමත් යන කාරණා ගැන මට ඇතිවුනේ දැඩි අප්‍රසාදයක්..    උපාධි ප්‍රදානෝත්සවය 18, අලුත් කුලපති තුමා වැඩ භාර ගන්නේ 17. ඒ කියන්නේ උපාධි ප්‍රද