Posts

Showing posts from 2018

මම ____ උනානම් !!

Image
වෛරයත් ආදරයත් ඇති වෙන්නේ එකම හදවතේ.. මේ ගැන හිතන්න හිතන්න සිතිවිලි සංකීර්ණ වෙනවා.. තෝරබේර ගන්න බැරි උනත් මේ සිතුවිලි අතර අතරමං වෙන ගොඩක් අය ඉන්නවා ඇති.. එක්තරා කාලෙක අපි හරී කියලා හිතුනු දෙයක් දැන් වැරදි වෙන්නත්, වැරදී කියල හිතුනු දේවල් හරී වෙන්නත් පුළුවන්.. අත්දැකීම් අපිව වෙනස් කරනවා.. නමුත් අත්දැකීම් වලින් අපි මුලාවෙන තැන් ගොඩක් තියනවා.. ඒ අනෙක් කෙනාගේ අත්දැකීම ගැන අපි නොසිතන නිසා.. පොඩි කාලේ අපි රචනා ලියනවා මම ගසක් උනානම්, මලක් උනානම්, වගේ දේවල් ගැන.. අපිට බැරිද හිතන්න මම සිංහලයෙක් උනානම්, මුස්ලිම් කෙනෙක් උනානම්, දෙමළ කෙනෙක් උනානම් එහෙමත් නැත්නම් ගැහැණියක් පිරිමියෙක් උනානම්, බල්ලෙක්, කුකුළෙක්, ගොනෙක් උනානම් කියලා.. අපි එහෙම හිතන්න කැමති නෑ.. එක්කො ඒ ගැන එහෙම හිතන්න බයයි.. අපි කුකුළෙක් විදිහට හිතුවොත් අපිට කුකුළ කන්න හිතට ඉඩ දෙන්නෙ නැති හැඟීම පීඩාකාරී නිසා.. දෙමළ විදිහට හිතුවොත් අපිටත් අපේ කියල දෙයක් ඕනේ කියලා ඉඩ දෙන්න ඕන සිතිවිල්ල නිසා.. ගැහැණියක් විදිහට හිතුවොත් ඇයගෙ කැපවීම් වලට ස්තූතියි කර නිමක් නැති නිසා.. පිරිමියෙක් විදිහට හිතුවොත් ඔහුගෙ මහන්සිය, වගකීම් වල ආතතිය සිතාගත නො