Posts

Showing posts from March, 2017

ගලන ජලය

Image
දහවල් උණුසුමත් රැයෙහි සීතලත් අරගෙන යන ගලන ජලය තැනිතලා නිම්න ගල්පර අතරින් නොනැවතී යන ගලන ජලය උස් පහත් බිම් සමාන කරන්නට වෙර දරන ගලන ජලය ගස්වැල් සතුන් කලු සුදු සැමගේ පහස නිවන ගලන ජලය පොළොවෙන් ඉපද මතකය පොඳි බැඳ මුහුද වෙතට ගලන ජලය