Posts

Showing posts from February, 2017

සයිටම් අරගලය

Image
වෛද්‍යවරයෙක් කියන්නෙ කාවහරි සුව පත් කරන කෙනෙක්ට.. ඒක රැකියාවක් වෙන්නෙ මුදල් කියන ඒකකයෙන් ඒ සුව පත් කිරීම මනින නිසයි.. ඒත් සුව පත් කිරීමත් , මුදල් හම්බ කිරීමත් පරස්පර විරෝධි අරමුණු දෙකක්.. මොකද මිනිස්සු ලෙඩ වෙන තරමට තමා මුදල් හම්බ වෙන්නේ.. ගොඩක් ම වෛද්‍යවරු හරියට අලෙවි නියෝජිතයන් වගේ.. එක එක බෙහෙත් හදන ව්‍යාපාරිකයන්ට , බෙහෙත් අලෙවි සැල් වලට , රසායනාගාරවල කමිෂන් එකට වැඩ කරන , මුදල් කියන දේ අරමුණු කරගත් වෘත්තිකයන්  කොටසක් වෙලා.. ඒකට වැරදි මුදල් ගොඩගහගන්න මේ සමාජ ක්‍රමය සහ වෛද්‍යවරු තෝරන අධ්‍යාපන ක්‍රමයයි.. මුදල් කියන දෙයින් අපි දේවල් නො මැන හිටිය නන් මේ වගේ පරස්පර විරෝධි අරමුණු නො එන්න ඉඩ තිබ්බා.. ඇත්තටම මිනිස්සු සුව පත් කිරීම අරමුණු කර ගත්ත හදවතක් ඇති වෛද්‍යවරු බිහි කරන්න තිබ්බා..  වැරදි සමාජ ක්‍රමයක් තුල , අධ්‍යාපන ක්‍රමයක් තුල වෛද්‍ය වෘත්තිකය න්ගේ හෝ ඔවුන් නිසා පැන නැගෙන ප්‍රශ්න වලට සාධාරණ විසඳුම් හොයන එක  අඟින් කිරි දොවනවා වගේ වැඩක් කියලයි මට හිතෙන්නේ.. මේ දවස්වල ලොකුම ප්‍රශ්නය වෙලා තියන සයිටම් එක ගැනත් හරි තීරණයකට එන්න බැරි වෙලා තියෙන්නෙ ඒ නිසයි.. මොනා උනත් උසස් අධ්‍යාප