Posts

Showing posts from October, 2016

විශ්වාසය

Image
විශ්වාසය කියන්නෙ යමක් සත්‍ය ලෙස පිළිගැනීම නැත්නම් සැක රහිත බව කියන එකටයි.. කෙනෙක්ට තව කෙනෙක්ව විශ්වාස කරන්නනම් ඒකට තමන්ට තමන්ගෙ ශක්තිය ගැන ලොකු විශ්වාසයක් ඕන.. මොකද කෙනෙක්ව විශ්වාස කරන්න ගොඩක් අය මැලි වෙන්නේ ඒ විශ්වාසය කඩ කලොත් මුහුණ දෙන්න වෙන දේවල් නිසානේ.. මට නම් හිතෙන්නෙ කෙනෙක්ව සැක කරල උදව්වක්වත් වෙන දෙයක් නොකරන ඉන්න වේදනාව, විශ්වාස කරල ඒක හදිස්සියෙන්වත් කඩ උනොත් වෙන වේදනාවට වඩා වැඩී කියලයි.. මොකද විශ්වාසය කියන්නෙ හරිම සියුම් දෙයක්.. ගොඩක් හේතු නිසා විශ්වාසය කියන එක සමාජයේ භයානක දෙයක් වෙලා.. ඒත් අනෙක් අයව විශ්වාස කරන්න පුළුවන් තරමට අපිට කරන්න පුලුවන් දේවලුත් ගොඩක් වැඩී.. හැම තිස්සෙම සැකයෙන් හැමෝම දිහා බැලුවොත් අපිට ඇත්තටම කාමරයෙන් එලියටවත් යන්න බැරි තරම් සැක හිතන දේවල් සමාජයේ වෙනවා..  ඒත් විශ්වාසය කියන දේ එක එක දේවල් වලදි වෙනස් වෙනවා.. බැඳපු නැති ජෝඩුවක පිරිමි කෙනා ගැහැනු කෙනාගෙ විශ්වාසය ප්‍රයෝජනයට අරගෙන නරක විදිහට හැසිරුනොත් එක් වැරදී.. එහෙම විශ්වාස කිරීම නම් මෝඩ කමක්.. හැබැයි එහෙම බැලුවොත් එතන ඇත්තම ආදරයකුත් නෑ.. ඒත් මොනා උනත් තමන් ජීවත් වෙන වටපිටාවට අසීමිතව ආදරය කරන්න පුලු