පුන් සඳ ඔබයි රන් තැලියෙන් කිරි බෙදන
ලෝදිය කුස දරා මිහි මඩළ ලොවට ම ජීවන සුසුමන් පොවන කළ අම්මාවරුන් බඳු යැයි කවියො කිව හළ ඔබට ම ගැළපේය යැයි සිතුනි මේ කළ හදවත වේදනාවෙන් මිරිකී හඬන විට අම්මේ නුඹේ ළමැඳ මුව හොවා ගත් විට දුරු වෙයි සියලු දුක් කරදර ගැහැට අම්මේ ඔබටවන් හදක් නොමැත මිහිපිට හිරු දෙවියන් අවර දිගින් ගිය විට පැන හඳ තරු අහස් ගැබෙන් ඉස්මතු වන ජීවිතය අමාවකයක් ම වූ දින පුන් සඳ ඔබයි රන් තැලියෙන් කිරි බෙදන